මුඛ සංසර්ගය – Oral Sex
මෙහි ලාබාලයින්ට දැන ගැනීම නුසුදුසුයැයි “සම්මත” දර්ශන ඇතුලත් වන බැවින් කරුණාකර ඔබ වැඩිහිටියෙකු බව සහතික කරන්න.

  

15 Comments Posted in Uncategorized
කමෙන්ට් ෆොන්ට් සයිස් වෙනස් කර ගැනීම – II කොටස
මුල් කොටසෙන් මම සඳහන් කලේ, අපට අවශ්‍ය පරිදි කමෙන්ට් වල අකුරු ප්‍රමාණ වෙනස් කිරීමට දැන ගත යුතු හා ප්‍රයෝජනවත් දේවල් කිහිපයක් ගැන.

මෙතනදී අකුරු කුඩා වීමේ ප්‍රශ්නය ඇති වුනේ, බ්ලොගර් විසින් කමෙන්ටු වල අකුරු අඩංගු HTML <blockquote> කොටසට අදාළ CSS class ඒක, එනම් comment-content සඳහා අකුරු ප්‍රමාණය 13px වලට සීමා කිරීම.

අපට මෙය බ්ලොග් ටෙම්ප්ලේටයේ HTML එඩිට් කර, විශේෂිත CSS උපදෙසක් ඇතුලත් කිරීම මගින් , අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට පුළුවන්. ඒ සඳහා වන ක්‍රියා පිළිවෙල පහත පරිදි යොදා ගන්නට පුලුවන්.

මෙහි බ්ලොගර් ටෙම්ප්ලේටයේ කේත (Code) වෙනස් කිරීමක් ගැන උපදෙස් සඳහන් අතර, ඔබ එවැන්නක් කරයිනම් එය ප්‍රවේශමෙන් කරන්න. නොදැන කරන අත් වැරද්දක් ඔබගේ බ්ලොග් පිටු වල පෙනුමට ලොකු වෙනසක් ඇති කරන්නට පුළුවන්. හරි හැටි කලොත් හානියක් නැහැ.

1. බ්ලොගර්හි ටෙම්ප්ලේට් ඩිසයින් පිටුවට (ඇඩ්මින් පිටුවට) ගොස් පහත දැක්වෙන [Edit HTML] බොත්තම ක්ලික් කරන්න.

2. ඊ ලඟට ඔබට පහත පණිවුඩය දිස් වී, HTML එඩිට් කිරීමේ අවශ්‍යතාව තහවුරු කිරීමට,[Proceed] බොත්තම ක්ලික් කරන්න.

Directly editing HTML may affect the way some features work and is only recommended for advanced users. Editing template HTML may unpredictably affect other Blogger features. We recommend using the Template Designer first, where you can Add CSS under the Advanced section.

එම පණිවුඩයේ කියවෙන ආකාරයටම, කෙලින්ම HTML එඩිට් කිරීමේදී ප්‍රවේසම් වීම වඩාත් සුදුසුයි.

3. ඊළඟට ඔබට ටෙම්ප්ලේටයේ HTML වෙනස් කරගත හැකි පහත රුපයේ දැක්වෙන එඩිටරය ඉන් පසුව ඔබට දිස් වේවි.පහත රූපයේ රතු කොටුවකින් වෙන් කර දක්වා ඇති CSS කේත කොටස බලන්න. ඒ මම එකතු කල කොටස.ටෙම්ප්ලේටයේ CSS කේත අතරට මෙලෙස ඔබට අවශ්‍ය CSS උපදෙස් ඇතුලත් කිරීමට පුළුවන්.


පහත දැක්වෙන්නේ ඒ කේත කොටස. අවශ්‍යනම් ඔබට කොපි කර ගැනීමටත් පුළුවන්. තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නත් පුළුවන්.

මෙතන !important යන්නෙන් කියවෙන්නේ අනිකුත් මීට අදාළ CSS උපදෙස් අභිබවා මෙය බලාත්මක කරන ලෙසටයි. සාමාන්‍යයෙන් මෙය අත්‍යාවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් බ්ලොගර් කමෙන්ට් අකුරු කුඩා වීමේ සිද්ධියේදී බ්ලොගර් විසින් බලාත්මක කර ඇති අකුරු ප්‍රමාණයන් අපේ ටෙම්ප්ලේට වල සඳහන් උපදෙස් අභිබවා ක්‍රියාත්මක වෙනවා. අප !important යන්න අප විසින් එකතු කරන CSS උපදෙසකට එක් කරන්නේනම් එය බොහෝ විට අදාළ වෙනත් උපදෙස් අභිබවා ක්‍රියාත්මක වේවි. වඩාත් හොදින් !important ගැන දැන ගැනීමට http://webdesign.about.com/od/css/f/blcssfaqimportn.htm වෙත යන්න.

සාමාන්‍යයෙන් තනි CSS උපදෙසක් යෙදීමේදී අවසානයට සෙමි-කෝලන් එකක් එකතු කරනවා.

font-size:20px;

නමුත් !important යෙදීමේදී සෙමි-කෝලන් එකට පෙර එය යෙදිය යුතු මෙන්ම, ඒ හා CSS උපදෙස අතර හිස් තැනක්‌ (a space) තිබිය යුතුයි.

font-size:20px !important;

4. අවසානයේ [Save Template] බොත්තම ක්ලික් කරන්න.

5. ඔබේ බ්ලොග් අඩවියට ගොස් අළුත් වෙනස් කම් ක්‍රියාත්මක දැයි බලන්න. බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය නොලැබුනහොත් එකතු කල CSS උපදෙස් වෙනස් කර බලන්න.


බ්ලොගර් සෙටින්ස් මත හා ඔබ කර ඇති වෙනස් කම් අනුව ඔබගේ බ්ලොග් අඩවි ඩිසයින් (ඇඩ්මින්) පිටුව මෙහි කියවෙනවාට වෙනස් අයුරකින් තිබෙන්නට පුළුවන්. කොහොම වුනත් තිරයේ දිස් වන දේ හොඳින් කියවා තේරුම ගෙන ඉන් පසුව කරන්නක් කරන්න.

2 Comments Posted in Uncategorized
කමෙන්ට් ෆොන්ට් සයිස් වෙනස් කර ගැනීම – I කොටස
බ්ලොගර්ලා විසින් ළඟදී කල වෙනස් කම් නිසා, ඇතැම් බ්ලොග් වල කමෙන්ට් වල අකුරු ප්‍රමාණය අඩු වීම සිදු වී තිබෙනවා. මේ පිළිබඳව වඩාත්ම දුක් වූ කෙනෙක් වුනේ අපේ ඔබා මාමා. ඔබා මාමා මේ ගැන කොපමණ දුක් වුනාද කියන එක හොඳින්ම පැහැදිලි වෙන්නේ සුපුරුදු පරිදි කමෙන්ට් වලට පිළිතුරු බැදීමට ඔහුට හිත හදා ගන්නට නොහැකි වුනු නිසා. :D

මගේ බ්ලොග් අඩවිය බ්ලොග්ස්පොට් හි පිහිටවූ එකක් නොවන බැවින්, ඉහත ගැටළුව පරීක්ෂා කර බැලීමට හා විසඳුම් අත් හදා බැලීමට මම ඔබා මාමාගෙන් අවස්ථාවක් ඉල්ලු අතර ඔහු නොපැකිලව ඊට සහයෝගය ලබා දුන්නා. දෝෂයට හේතුව මුලින්ම හඳුනා ගත්තත්, එය පිහිටි ස්ථානය අපැහැදිලියි. හේතුව බ්ලොගර් විසින් සාමාජිකයින්ට විවෘත නොවන ස්ථානයක සිතා මතා :?: හෝ අත් වැරදීමකින් කමෙන්ට් වල අකුරු ප්‍රමාණය ස්ථීරව සටහන් කිරීම. පිහිටි ස්ථානයේ ප්‍රභලතාව මත සාමාජිකයින් විසින් සිදු කරන හෝ, ටෙම්ප්ලේට වල සටහන් වී ඇති අකුරු ප්‍රමාණ අබිබවා බ්ලොගර්ගේ අකුරු ප්‍රමාණය ආදේශ වීමක් සිදු වන බව මම අනුමාන කරනවා. ඒ අනුමාන කිරීමට හේතුව මේ ලිපියේ පසුව දැක්වෙනවා.

මෙහි රෝග පරීක්ෂාවට හා ප්‍රතිකාර කිරීමට, CSS හා ගුගල් ක්‍රෝම් බ්‍රව්සරයේ විශේෂ භාවිතයක් දැන ගැනීමට අවශ්‍යයි වගේම ඉදිරි අවශ්‍යතා සඳහා වුනත් ඒවා දැන ගැනීම වැදගත් වේවි. එබැවින් මේ ලිපිය වෙන් වන්නේ ඒවා හැඬුවා දීමට වන අතර, රෝග ප්‍රතිකාර ක්‍රමය ඊ ළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

CSS හැඳින්වීම
අත්හදා බැලීම් කිහිපයකට පස්සේ අපේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලැබුනා. ඒ බ්ලොග් ටෙම්ප්ලේට කේතයට (Code) විශේෂිත CSS කේත කොටසක් එක් කිරීම මගින්. (CSS ගැන අවබෝධයක් තිබීම ඔබේ බ්ලොග් ටෙම්ප්ලේටය අවශ්‍ය පරිදි වෙනස්කම් කර ගැනීමට උපකාරී වෙන්න පුළුවන්.http://www.w3schools.com/css/css_intro.asp හිදී ඔබට CSS පිලිබඳ මුලික අවබෝධයක් ලබා ගත හැකියි. . නමුත් ඊට HTML ගැනත් තරමක් දුරට වැටහීමක් තිබීම අවශයි.මුලික HTML ඉගෙන ගැනීමට අවශ්‍යනම්, http://www.w3schools.com/html/default.asp ඔබට ඒ සඳහා භාවිතා කල හැකියි. HTMLවලින් තොරව CSS වලට පැවැත්මක් නැත්තේ CSS යොදා ගන්නේ වෙබ් පිටු වල අඩංගු කරන HTML කොටස් හැඩ ගැන්වීම (formatting) වෙනුවෙන් නිසා.

CSS අපිට තනි HTML කොටස් වලට යොදා ගන්නට පුළුවන්. පහත උදාහරණය බලමු.

මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.

මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල.

මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.

අපි මේ ඡේද දෙක HTML අනුසාරයෙන් ලියමු.

<p>මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.</p><p>මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල</p.><p>මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.</p.>

HTML භාෂාවෙන් <p> යනු ඡේදයක ආරම්භය.</p.> යනු ඡේදයක අවසානයයි. දැන් අපට පළමු ඡේදයේ අකුරු ප්‍රමාණය 18 , පසුබිම් වර්ණය කළු හා අකුරු වර්ණය සුදු ලෙස වෙනස් කර ගැනීමට අවශ්‍යනම් පහත පරිදි CSS යොදා ගන්නට පුළුවන්.

<p style="font-size:18px;color:white;background-color:black;">මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.</p><p>මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල</p.><p>මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.</p.>

ප්‍රතිඵලය පහත පරිදි,

මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.

මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල

මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.

දැන් අපි හිතමු අපට මේ වෙනසම තෙවන ඡේදය ඇතුලත් වුනොත් පළමු ඡේදයේ ක්‍රමයම අනුගමනය කරන්න පුළුවන්. ඒත් නැවත නැවතත් එම වෙනසම ඊ ළඟ ඡේද වලටත් කල යුතු නම්, පළමු ක්‍රමය වදයක් වෙනවා. ඊට විසඳුම CSS Claases යොදා ගැනීම.එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ හෝ ඕනෑම HTML කොටස් සමුහයකට එකවර පොදු CSS දීමකට Classes භාවිතා කරන්නට පුලවන්. මෙහිදී අපේ උදාහරණයට ගැනෙන්නේ එකම වර්ගයේ එනම් <p> කොටස් දෙකක් (පළමු හා තෙවන ඡේදය).

CSS class එකක් ඇතුලත් කල යුත්තේ <style> නම් විශේෂිත HTML කොටසක් තුල. ඒ වගේම CSS Class එකට නමක් අවශ්‍යයි, <style> කොටස ඇතුලේ නම සඳහන් කරන අතර, පසුව අදාළ HTML කොටස් වලද එම නම සටහන් කරනවා. පහත උදාහරණය බලන්න.

<style>
p.blackNwhite{
font-size:18px;
color:white;
background-color:black;
}
</style>
<p class="blackNwhite" >මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.</p><p>මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල</p.><p class=”blackNwhite” >මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.</p.>

ප්‍රතිපලය ,

මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.

මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල

මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.

බ්ලොගර් කමෙන්ට් ගත්තොත් (පරීක්ෂා කල බ්ලොග් අඩවි වල), කමෙන්ටු අන්තර්ගත වන්නේ HTML </blockquote> කොටස් තුල. </blockquote>< යොදා ගන්නේ යම් දීර්ඝ උදෘතයක් යෙදීමට අවශ්‍ය විට.බ්ලොගේර් කමෙන්ටු වල අකුරු අඩංගු </blockquote>< හි CSS class එක වන්නේ “comment-content”. එම class එකෙහි අකුරු ප්‍රමාණය බ්ලොගර් විසින් 13ට සීමා කර තිබෙනවා.

.comments .comments-content {
font-size: 13px;
}

සාමාන්‍ය විසඳුම
බ්ලොගර් ඇඩ්මින් හිදී ටෙම්ප්ලේට් HTML එඩිට් කර ගත හැකි ස්ථානයට (මතු දැක්වෙන) ගොස් ඉහත font-size අගය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කර සේවු කිරීම. නමුත් එතැන මේ CSS කේතය හමු වුනේ නැහැ. ඒ කියන්නේ මෙය බලපෑම් කරන්නේ ටෙම්ප්ලේටයට පිටතින්.

පිළිගත් සම්මුතීන් අනුව, මෙවැනි අවස්තාවකදී අපට අළුතින් CSS කේතයක් එකතු කල හැකියි, නමුත් එකම දෙය වෙනුවෙන් එකම CSS යෙදුම වෙනස් අයුරින් (font-size:13px; හා font-size:18px;)යොදා ඇතිනම්, ඒ යෙදු ස්ථානය හා යොදා ඇති අනුපිලිවෙල මත බ්‍රවුසරය විසින් ඉන් එකක් තෝරාගෙන ඉතිරිවා නිශේධනය කෙරෙනවා.

මෙතනදී අපි අළුතින් කොපමණ CSS යෙදුම් ඇතුලත් කලත්, ඒවා බ්‍රවුසර මගින් නිශේදනය වී බ්ලොගර්ගේ font-size:13px ආදේශ කිරීම සිදුවන නිසා අපට අවශ්‍ය වෙනස සිදුවන්නේ නැහැ.

රෝග පරීක්ෂාව
කලින් කියු පරිදි මේ සඳහා යොදා ගත්තේ ගුගල් ක්‍රෝම් බ්‍රවුසරය.එහි තියෙන “Inspect Element” පහසුකම හරහා අපට ඕනෑම වෙබ් පිටුවක, ඕනෑම HTML කොටසක CSS පරීක්ෂා කිරීමට හා අත් හදා බැලීමට පුළුවන්.

1. අදාළ වෙබ් පිටු කොටස, මෙතනදී කමෙන්ටුව මත රයිට් ක්ලික් කර, ලැබෙන මෙනුවෙන් “Inspect Element” යන්න තෝරන්න.

2. එවිට බ්‍රවුසර වින්ඩෝවේ පහලින්, අමතර පැනලයක් දිස් වෙන අතර, එහි ඔබට කෙලින්ම දිස් වන්නේ, “Elements” පැනලය. අපට මෙතනදී අදාළ වෙන්නෙත් එය.Elements පැනලයේ උප කොටස් දෙකක් තිබෙනවා. පහත ඔබ දකින පින්තුරයේ A යනුවෙන් නම් කල කොටසේ මුලික වශයෙන් අදාළ වෙබ් පිටුවේ HTML සමස්තය පරීක්ෂා කරන්නට පුළුවන්.එහි එක් වරකට ඔබට එක් HTML කොටසක් තේරිය හැක. ඔබ මුලින් රයිට් ක්ලික් කල HTML කොටස ඉබේම A හි තේරී පවතිනු ඇත.

B කොටසේ දිස්වන්නේ A කොටසේ ඒ වන විට තෝරා ඇති HTML කොටසේ CSS යෙදුම් ලයිස්තුවයි.

Elements පැනලයේ උප කොටස් දෙක වෙන් වෙන්ව පහත දැක්වෙනවා.


ඉහත රුපයේ දැක්වෙන පරිදි තේරී ඇති (selected) </blockquote>< කොටසේ CSS class eka, “comment-content” බව පැහැදිලියි.

3. A, B කොටස් දෙක හරහාම අපට අවශ්‍ය පරීක්ෂා / පරීක්ෂණ කිරීම් සිදුකරන්න පුළුවන්. නමුත් මෙහිදී දැනට A කොටසට අත නොතබන්න..

4. B කොටසේ ස්ක්‍රෝල් බාර් එකද ආධාර කරගෙන එහි දිස් වෙන CSS Style යෙදුම් එකින් එක බලන්න, “comment-content” වෙනුවෙන් ඇති font-size යෙදුම හමු වන තුරු.

5. ඉහත රුපයේ ද දිස්වෙන පරිදි ඔබට “comment-content” වෙනුවෙන් ඇති font-size යෙදුමට අමතරව දකුණු පසට වන්නට චෙක් බොක්ස් (මනාප කොටුවක්) දිස් වේවි (ඒ සඳහා ආසන්නයට මවුස් පොයින්ටරය රැගෙන යන්න.)

6. කලින් කී මනාප කොටුව මත ක්ලික් කර, එහි ඇති තේරීම ඉවත් කරන්න (Uncheck / Deselect). එයින් ඔබට අදාළ CSS යෙදුම නොමැති විට, වෙබ් පිටුව දිස් වන ආකාරය බලා ගන්නට පුළුවන්. මෙහිදී ඔබට පැහැදිලි වේවි, font-size: 13px; ඉවත් කල විට කමෙන්ට් අකුරු සාමාන්‍ය තත්වයට පත් වන බව. එනම් දෝෂය ඇත්තේ එතැනයි.

7. font-size: 13px; හි 13px මත ඩබල් ක්ලික් කර, අකුරු ප්‍රමාණය ඔබට අඩු වැඩි වශයෙන් එතැන සටහන් කර බලන්න.px (වෙනත් ඒකකද අත) යන්න සංඛ්‍යාවට පසුව තිබිය යුතු බව මතක තබා ගන්න.

ඉහත 6 හෝ 7න් ඔබගේ බ්ලොග් ටෙම්ප්ලේටයට කිසිඳු වෙනසක් සිදු නොවන අතර සිදු වන්නේ තාවකාලික ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින් ඔබට දර්ශනය වන දේ වෙනස් කිරීම පමණයි.

ලිපිය දිග වැඩි වන නිසා මෙතනින් නවතින්නම්. ඊ ළඟ කොටස ප්‍රතිකාර ක්‍රමය ගැනයි.

17 Comments Posted in Uncategorized
ලෝක විනාශයට පසු
ලෝක විනාශයට පසු

අනුග්‍රහය : Kristoffer Gildenlöw @ http://tinyurl.com/7g77yr3

5 Comments Posted in Uncategorized
Ignore this…

Ignore this….

6 Comments Posted in Uncategorized
මල්පිකේට් එන්ට්‍රීස් – Mulpicate Entries

Source : http://tinyurl.com/d7zbhy5

මුලින්ම කීමට අවශ්‍යයි මල්පිකේට් කියන වචනය මම යොදා ගන්නේ, ඊට ගැලපෙන ඉංගිරිසි වචනයක් නොදන්නා නිසා බව.සිංහල වචනයක් ගැනත් නෝ අයිඩියා. කවුරු හරි එවැනි වචනයක් ගැන දන්නවානම් ඒ ගැන කියන්න. 

ඩුප්ලිකේට් යන්න හැමෝම දන්නවා.. පිටපත් දෙකයි.
Triplicate ට්‍රිප්ලිකේට් – පිටපත් තුනයි..
Quadruplicate ක්වොඩ්‍රප්ලිකේට් – පිටපත් හතරයි

තවත් කිහිපයක් ගැන ජාලෙන් හොයා ගත්තා..

quintuplicate – ක්වින්ටප්ලිකේට් – පිටපත් පහයි.
sextuplicate – සේක්ස්ටප්ලිකේට් – පිටපත් හයයි
septuplicate – සෙප්ටප්ලිකෙට් – පිටපත් හතයි
octuplicate – ඔක්ටප්ලිකේට් – පිටපත් අටයි
nonuplicate – නොන්ටප්ලිකේට් – පිටපත් නවයයි
decuplicate – ඩෙකප්ලිකේට් – පිටපත් දහයයි

සමහර විට මීට වඩා වැඩි පිටපත් ගණන් තවත් වචන ඇති. සොයා ගන්නට ලැබුනේ මෙපමණයි.

ව්‍යාකරණානුකුලව කලින් ලියා ඇති ඉංග්‍රීසි-සිංහල වචන100%ක් නොගැලපෙන බවත් සලකන්න. Duplet, Triplet , Quadruplet, Quintuplet , Sextuplet , Septuplet, Octuplet, Nonuplet , decuplet යනාදී වශයෙනුත් භාවිතා කරන්නට පුළුවන්. කොහොම වුනත් සරලවම 3 Copies, 5 Copies, 10 copies ලෙස භාවිතා කිරීම පහසුයි වගේම වැඩි දෙනෙකුට වැටහේවි.

පිටපත් එකකට වැඩි ඕනෑම සංඛ්‍යාවක් හඳුන්වන වචනයක් නොදන්නා නිසයි මම මල්පිකේට් යන්න භාවිතා කලේ.. පොදු වචනයක්..

මට හදිසියේ මේ ගැන හිතුනේත්, ලියුවේත් ඊයේ අත් විඳි සිදුවීමක් නිසා.

සුපුරුදු පරිද්දෙන්ම මම ඊයේ රක්ෂණ වාරිකයක් ගෙවන්න ෆුඩ් සිටියට ගියා. කලින් කිසිම ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඇත්තටම රක්ෂණ ආයතනයට ඒ වෙනුවෙන්ම යාම වෙනුව ෆුඩ් සිටියෙන් ගෙවීම පහසුයි. ගෙවීම ඒ මොහොතේම ආයතන දෙක අතර ස්වයංක්‍රීයවම හුවමාරු වීමත් සිදු වනවා. නමුත් ඊයේ ගෙවීම යන්ත්‍රයට ඇතුලත් කල විට යම් කිසි තාක්ෂණික දෝෂයක් නිසා රිසිට් පත මුද්‍රණය වුනේ නැහැ වගේම ගනුදෙනුව සාර්ථක බවට සුපුරුදු සටහන තිරයේ පෙන්වුවෙත් නැහැ. කැෂියර් (කලින් අපේ බක පණ්ඩිතයින් මේ වෙනුවෙන් නිර්මාණය කර තිබු සිංහල පාරිභාෂික පදය වුනේ “කාසි පාලක” යන්න) සහෝදරිය නැවතත් ගෙවීම් සටහන් කිරීමට යන විට මම ඇත්තටම කියා සිටියා ඩුප්ලිකේට් විය හැකි බව. එවිට ඇය “එහෙම වුනොත් පාඩු අපිටනේ” කියමින් නැවතත් ගනුදෙනුව සටහන් කළා.එවිටත් යන්ත්‍රයේ ප්‍රතිචාරය පෙර පරිදිමයි. ඉන් පසු ඇය තවත් කැෂියර් සහෝදරියකට කතා කළා.ඇයත් තවත් වතාවක් ගනුදෙනුව සටහන් කළා. වෙනසක් වුනේ නැහැ. ඉන් පසුව ප්‍රධාන පරිගණකය පරීක්ෂා කර බැලු ඔවුන්ට දැන ගත හැකි වුනේ, රක්ෂණ ගෙවීම තෙවරක් සිදු වී ඇති බව.රක්ෂණ ආයතනයෙන්ද මා විමසා බැලු අතර ඔවුන් කීවේ මම මාර්තු මාසය වෙන තෙක් වාරික ගෙවා ඇති බව..

කොහොම හරි ගැටළුව ඒ ආයතන දෙක මැදිහත්ව විසඳා ගනීවි. උවමනා වුනොත් මගේ සහයත් ලබා දෙනවා. :)

පරිගණක හා දත්ත සම්ප්‍රේෂණයට අදාළ වෙනත් යන්ත්‍ර හා මෘදුකාංග මගින් මෙවැනි දේ වීමට ඇති හැකියාව බොහොමයි. ඔබ විද්‍යුත් වාණිජ්‍ය පහසුකම් භාවිතා කර පුරුදුනම් සමහර විට දැක ඇති,සමහර වෙබ් අඩවි වල ක්‍රෙඩිට් කාඩ් අංකය ඇතුළු තොරතුරු ඇතුලත් කර දත්ත යැවීමට අදාළ බොත්තම ක්ලික් කල සැනින් ඒ බොත්තම අක්‍රීය වන අයුරු. ඒ ඔබට තවත් වතාවක් ඒ මත ක්ලික් කළහොත් සිදුවිය හැකි අතිරික්ත ගනු දෙනුවක් වලක්වා ගැනීමට. නමුත් සෑම මෘදුකාංග ක්‍රමලේඛයෙකුම ඒ ගැන සිතන්නේ නැහැ.සිතුනත් ප්‍රධාන කාර්යය සිදුවන නිසා අමතර දේවල් කිරීමට උදාසීනයි. (පළපුරුද්දෙන්ම දන්නා දෙයක් :) ). එවැනි අතපසු වීම්/කිරීම් ඇති විද්‍යුත් වානිජ්‍ය වෙබ් අඩවියක පරිශීලිකයා නොදැන කරන දෙයින් අමතර ගනුදෙනු සටහන් වීමට ඇති හැකියාව විරල නැහැ. දත්ත සම්ප්‍රේෂණ වේග අඩු අවස්තාවකදී, අන්තර්ජාල පහසුකම් ඇණ හිටීමකදී , මෘදුකාංග දෝෂ වැනි වෙනත් දේ බොහොමයක් නිසා පරිශීලකයා ගෙවීම් ෆෝරම නැවත නැවතත් නොදැනුවත්ව සම්ප්‍රේෂණය කල හැකියි. බොහෝ විට මේ ගනු දෙනු අවලංගු කල හැකි වුවත් ක්‍රමවේදය සරල නැහැ වගේම ඉක්මන් නැහැ. ඒ විසඳන තුරු ක්‍රෙඩිට් කාඩ් පතේ ශේෂය සමහර විට වෙනත් දේ වලට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.

සමහර විට මේ ආකාරයටම ඔබට එකම ඊ මේල් පණිවුඩය කිහිප වතාවක් ලැබුණු අවස්ථා ඇති.එසේ යවා ඇති අවස්ථාත් ඇති.

මේ ආකාරයටම පමණක් නොව වෙනත් ආකාර බොහොමයක් තිබෙන්න පුළුවන් මල්පිකේට් දෝෂ ඇති වෙන්නට පුළුවන්.

යන්ත්‍රයකින් , වෙබ් අඩවියකින් හෝ මෘදුකාංගයකින් ඔබ යමක් ඇතුලත් කල විටෙක ඉන් ප්‍රතිචාරයක් නොලැබුණු පමණින්ම කිසිවක් සිදු නොවූ බවට තීරණය කර නැවත නැවත කිරීම අවදානම්. යමක් වුනාට පසු නිවැරදි කිරීම සරල නැහැ වගේ අමතර පාඩුත් සිද්ධ වෙනවා. නැවත උත්සාහ කිරීමට පළමුව භාවිතා කල හැකි විකල්ප මාර්ග හරහා තහවුරු කර ගැනීම වඩා සුදුසුයි.

අනිත් අතට මේ වගේ දේ සිදුවිය හැකි යන්ත්‍ර හා මෘදුකාංග නිර්මාණ කරුවන් මෙවන් දේ සිදුවිය හැකි බව සිතීමත්, දැන සිටීමත්, ඒවාට පුර්ව පිළියම් යෙදීමත් ඉතා වැදගත්, ඒ වගේම වෘත්තීය වග කීමක්‌. බොහෝ විට ඒ පිළියම් සරල ඒවා.

අපි වගේ නොවෙයි ස්වභාව ධර්මය.හොඳම උදාහරණයක් තමා ස්වාභාවිකවම, ගැබ් ගැනීමට පසු ගැබ් කාලය තුළදීත් සමහර විට තවත් කාලයක් යන තෙක් (අපේ මහ වෙදනාගෙන් වැඩි විස්තර අහන්න) නැවත පිළිසිඳ නොගැනීම. නිවුන්නු ඇති වුනත් ඒ පිළිසිඳ ගැනීම් වලින් පසුව නැවත පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ. එහෙත් ඉතාම කලාතුරකින් ස්වභාව ධර්මයටත් වරදින්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් එකම මවට එකවර පියවරු දෙදෙනෙකුට දාව නිවුන්නු පිළිසිඳ ගැනීම වගේ දෙයක් (බෙදා ගෙන කෑමේ ප්‍රතිඵල)..

12 Comments Posted in Uncategorized
බල්ලාගේ බලු කතා
බල්ලා ගැන කාලයකට පසුව මට මතක් වුනේ ඉහල කොත්මලේ ජලාශය පිරවීමේදී සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල හීදී යන බවට වූ පුවතක් දැකීම නිසා.

මේ බල්ලාට කකුල් තිබුනේ නියමිත ප්‍රමාණයට දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ අපේ වර්ගයේ. අපේ වර්ගයේ වුනත් වෙනස නමෙනුත් බලු වීම. මේ බල්ලා අපේ පාසලේම ඉගෙන ගත්තේ. (උගත් බල්ලෙක්) . මට වඩා වසරකින් වැඩිමල් වුනු බල්ලා සමග පාසැල් කාලයේදී මගේ ආශ්‍රයක් තිබුනේ නැති වුනත් පසුව මට වැඩි දුර අධ්‍යාපනය ලබද්දී හොඳ මිතුරෙක් වුනා. බල්ලාගේ චරිත ස්වභවය අනුව ඌ සම්බන්ධ කතා බොහොමයක් තිබෙන්නට පුළුවන් වුනත්, මම ඌව ආශ්‍රය කලේ ටික කාලයක් නිසා මම දන්නේ ඉන් අතලොස්සක්. බුද්ධි අංශ වාර්තාවක් ලැබුනොත් දෙවෙනි කොටසක් ලියන්නට පුළුවන් වෙයි. බලමු.

බල්ලාගේ සැබෑ වාසගම අවසන් වන්නේ “තිස්ස” යන කොටසෙන් නිසා ඇතැම් දෙනා ඌව බලුතිස්ස ලෙසත් හඳුන්වනවා.

මට තවමත් සොයා ගන්නට බැරි වුනා මේ බල්ලා , බල්ලා වුනේ කොහොමද කියලා. කාට හරි බලුම වැඩක් කරලා මාට්ටු වෙන්න ඇති.

වරක් බල්ලාත් මමත් කුරුවිට, බෝපත් ඇල්ල ප්‍රවේශ මාර්ගය අසල පදිංචිව සිටි උගේ මිතුරෙක් හමු වීමට ගියා. එදා පෝය දිනයක්. ආපසු පයින් එන අතර තුර බෝපත් ඇල්ල බලන්නට යන නඩයක් රැගෙන ආ බසයක් හමු වුනා. වහාම අත දිගු කර බසය නැවැත්වූ බල්ලා රියදුරුට මෙසේ කියා සිටියා.

“අද ඇල්ල වහලා. පෝය නේ.. වෙන දවසක එන්න අයියේ..”

බසයේ සිටි එක් අයෙක්, “මොකද? මොකද?” අසමින් බැස එන්නට සුදානම් වුවත්, සිනහ පහලව සිටි රියදුරු නැවත ගමන් ආරම්භ කළා..

බල්ලා බල්ලෙකු බව ඔහුගේ දෙමවුපියන් ද දැන සිටියා. ඒ වගේම අපේ බල්ලාගේ නිවසේ සුරතලයට ඇති කෙරුණු තවත් බල්ලෙකුත් හිටියා. වරක් බල්ලාගේ මිතුරෙක්, උගේ නිවසේ දුරකතනයට ඇමතුමක් ගත් විට ප්‍රතිචාර දක්වා තිබුනේ ඔහුගේ පියා.එතන ඇති වුන දෙබසේ මුල් කොටස මේ වගේ..

අංකල් , බල්ලා ඉන්නවා ද ?
ආ ඔවු පුතේ, බල්ලෝ දෙන්නෙක් ඉන්නවා .. කොයිකටද කතා කරන්න ඕනි ?
..
..

ඒ කාලයේ බල්ලාත් මමත් ඉගෙනුම ලැබුවේ දැන් කොළඹ පිහිටි ආයතනයක.ඔවුන්ගේ ශාඛාවක් එවකට රත්නපුර පිහිටා තිබුනා. ඒ හේතුව නිසා අපි ප්‍රායෝගික පුහුණුවට රත්නපුර ශාඛාවට යාමට පුරුදුව සිටියා.එතන සේවය කල පිරිසත් අපේ(බල්ලා, මම, ඩැනී සහ හුණා) හොඳ මිතුරන් වුනා වගේම අද බල්ලාගේ ප්‍රිය බිරිඳ එහි සේවය කල උපදේශිකාවකගේ නැගණිය. ටික කලකින් ඒ ආයතනය රත්නපුර මොරගහයට හන්දියේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙන ආවා. එතැන ප්‍රධාන පාරවල් දෙකක් හමු වන T-හන්දියක්. එක් පාරකින් තවත් පාරකට හැරෙන විට වාහන වල වේගය අඩාල අනිවාර්යයි.

වරක් නිවාඩු දිනයක බල්ලා එතැනට වී සිටියේ උගේ ලිපිනය ලියු කොළ කැබලි මිටියක් රැගෙන. සෙමෙන් හන්දියෙන් හැරෙන වාහන වල කෙල්ලන් සිටියේනම් බල්ලා වාහනය තුලට ඒවා දැම්මේ කනාවට හෝ රිප්ලයි එකක් ලැබුනොත් යැයි කියමින්. ටික වෙලාවකින් පැමිණි වෑන් රියක පිටු පස සිටි රූබර ගැටිස්සියන් පිරිසක් දුටු බල්ලාට උන් හිටි තැන් අමතක වුනා.ඉදිරිපස වම් අසුනේ හිටියේ හිමි නමක්. හාමුදුරුවන් අසලින් වෑන් රථය තුලට හිස දැමු බල්ලා මෙලෙස අසමින් උන් වහන්සේටත් ලිපිනය ලියූ කොළ කැබැල්ලක් ලබා දුන්නා..

හ්හාමුදුරුවනේ ? කෙල්ලොත් ඉන්නවා නේ??

අපට විනෝදය ගෙන දුන් තවත් දෙයක් වුනේ, බල්ලාට එහිදී පිටු පස සිටි එක් ගැටිස්සියෙකුත් ලිපිනයක් ලියූ කොළ කැබැල්ලක් පෙරලා ලබා දීම.එහෙම වෙන්න ඇයත් බල්ලා කරමින් සිටි ක්‍රියාවම කරමින් පැමිණුනා වෙන්නට ඕනි :-) .හොඳ ගැලපීමක් වුනත්, එහි තිබුනේ ව්‍යාජ ලිපිනයක් වගේම සඳහන්ව තිබුණු ගම __අම්බලම.

බල්ලාගේ තවත් ලක්ෂණයක් තමයි ස්වාභාවිකවම ශුද්ධ සිංහල කියවීම. වරක් රාත්‍රියේ යතුරු පැදියකින් පියාත් රැගෙන ගමන් කරමින් සිටි බල්ලා ඉදිරිපසින් පැමිණි වාහනයේ ප්‍රධාන ලාම්පු අඩවන් නොකිරීම නිසා අපහසුතාවට පත් වීමෙන් පසුව යමක් පිට වෙලා.

බල්ලා : අම්මට හු#$%න්
පියා : මොකක්ද යකෝ කිව්වේ ?
බල්ලා : ම්මොකුත් න්නැහැ තාත්තේ..

ඒ වගේම සාමාන්‍ය කතා බහේදී යමෙකු ගැන කීමට ඔහු නිතැතින්ම යොදා ගන්නේ හු#$%තා යන පදය ?

උදා -
මොකද හු#$%තො පරක්කු ?
ඒ හු#$%තා ඔහොමමයි…
ඒ හු#$%ති $%^

ළඟදී මට ගෙදර යන ගමන් සිටියට ගොඩ වෙලා හිටපු බල්ලව මුණ ගැසුනා. බල්ලා දැන් එක් දරු පියෙක්. දරුවා රාත්‍රියේ පාලනය කර ගැනීම අපහසු බව බල්ලා කීවේ මෙහෙම..

ඒ හු#$%ගෙ වැඩේ රෑට අඬන එක..

(මේ වචන හිතා මතා නොව පුරුද්දටම කටින් පිට වන ඒවායි)

වසර කිහිපයකට කලින් බල්ලා දිනක් පාතාල කණ්ඩායමක පැහැර ගැනීමට ලක් වුනා. අවේලාවේ වීථි සංචාරයේ යෙදෙමින් සිටි බල්ලා අසල හදිසියේ නතර කල වෑන් රථයකින් බට මුහුණු ආවරණය කල මැර පිරිසක් බලහත්කාරයෙන් බල්ලා රථයට දමා මුහුණ එහි තිබුන පෙට්ටියක් තුලට දමා කිහිප දෙනෙක් විසින් පාගා තබාගෙන රැගෙන යනවා. තමන්ගේ හිස ඔබා තිබුණු පෙට්ටිය තුලා බල්ලා දැක තිබෙන්නේ අත් බෝම්බ කිහිපයක්.භීතියට පත් වූ බල්ලාට යමක් පහ වූ බවක් දැන ගන්නට නැති වුනත් එසේ වුනා විය හැකියි. ටික දුරක් ගමන් කල පිරිස පසුව බල්ලාව, නැවතූ වැන් රථයෙන් එළියට ඇද දැමීමෙන් පසුවයි බල්ලා දැක තිබෙන්නේ කල්ලියේ නායකයා තමන්ගේ මිතුරෙක් බව. ඒ මැතිවරණ පෝස්ටර් ඇලවීමේ කණ්ඩායමක සිටි, බල්ලාගේ මිතුරාගේ විහිලුවක්. (අත් බෝම්බ යනු පාප්ප හොඳින් මිශ්‍ර කිරීමට මැතිවරණ කාල වලදී යොදා ගන්නකි )

…………

කලින් කිව්වා වගේ බල්ලා ගැන නොදත් දේ සොයා ගත්තොත් නැවත ලියන්නම්.

22 Comments Posted in Uncategorized
කෑදැත්තා
එතරම්ම දුර්ලභ නොවුවත් කෑදැත්තා නිතර දක්නට නොලැබෙන පක්ෂියෙක්. අපේ ගෙවත්තට කෑදැත්තන් යුවලක් කාලයක් තිස්සේ පැමිණීමට පුරුදුව සිටියත් ටික කාලයකින් ඔවුන්ව දැක්කේ නැහැ. එහෙත් පහත ඡායාරුප වලින් දැක්වෙන මිත්‍රයා තනිවම පැමිණ සිටියදී හමු වුනා. ප්‍රමාණය අනුව ලාබාලයි කියලා අනුමාන කරන්න පුළුවන්.ඇත්තටම වෙනදා පැමිණෙන අය මේ වගේ දෙගුණයක් පමණ විශාලයි.

 

සොයාගත් ආකාරයට සම්පුර්ණ නම ශ්‍රී ලංකා අළු කෑදැත්තා – Sri Lanka Grey Hornbill. විද්‍යාත්මක නාමකරණයට අදාලව Ocyceros gingalensis.මේ විශේෂය ලංකාවට ආවේනික බවයි පැවසෙන්නේ.ඒ වගේම විකිපීඩියාවේ දැක්වෙන ආකාරයට අනුව මේ ඡායාරුප වල ඉන්නේ පිරිමි කෑදැත්තෙක් කියලා අනුමාන කරන්න පුළුවන්.

මොවුන්ගේ විශේෂ ලක්ෂණය බවට පැවසෙන්නේ ගස් බෙනයක බිත්තර දැමීමෙන් පසු , බිත්තර (හා පසුව පැටවුන්) මෙන්ම මවු කිරිල්ලිය ඇතුලේ සිටියදී බෙනයේ විවරය මඩ ඇතුලට ආහාර ලබා දීමට පමණක් කුඩා විවරයක් තබාගෙන වසුරු හා පලතුරු පල්ප මිශ්‍රණයෙන් තනා ගත් බදාමයකින් වසා දැමීම. අපේ මිත්‍රයාගේ නිවහනනම් තවමත් හමු වුනේ නැහැ.

ආහාර ලෙස පලතුරු මෙන්ම කුඩා සතුන් (මීයන්, සර්පයන් වැනි) ගන්නා බව පැවසෙනවා. ඒ වගේම මා නිරීක්ෂණය කරලා තියෙනවා මොවුන් අවශ්‍ය විටෙක අප ඉවතලන ආහාර පවා කෑමට ගන්නවා. බත් ඇතුළු ධාන්‍ය ආහාරයට ගන්න රුචි වුනත් ඔවුන්ට එක බොහෝ අසීරු වන්නේ දිගු වක්‍ර හොට නිසා. ඒ වගේ කුඩා දේවල් ආහාරයට ගැනීමේදී මොවුන් කරන්නේ හිස හරවා හොටයේ පැත්තකින් ස්වල්පයක් ලබා ගෙන, හිස ඉහලට හරවා, හොටය හොඳින් විවර කර ගැස්සීම. ආහාර ස්වල්පය ඉවතට විසි නොවන අවස්ථා වලදී කෙලින්ම නතර වෙන්නේ උගුරෙන්. නමුත් අවිවාදයෙන්ම ඔවුන්ගේ හොට පලතුරු ආහාරයට ගැනීමට හොදින්ම විකසනය වී තිබෙනවා.

 

 

මීට අමතර විස්තරයක් මට සොයා ගන්නට ලැබුනේ නැහැ. වඩාත්ම උවමනා වුනේ ඡායාරුප පල කිරීමට.

ප.ලි.
1. නම තහවුරු කර ගත්තේ ඡායාරුප සංසන්දනයෙන්-දෝෂ සහගත බවක් දන්නේ නම් කරුණාකර දන්වන්න.
2. නිරෝගී සරුසාර පැපොල් වගාවක් පිලිබඳ ලිපියක් ඉදිරියේදී බලා පොරොත්තු වන්න ;-)

15 Comments Posted in Uncategorized
ටාබට්

Image source : http://tinyurl.com/d4hzyvs


ටාබට් සහ මා මුලින්ම හමු වුයේ ඔබා මාමාගේත් කතන්දර අයියාගේත් මවු වරුන්ද ඉගෙනුම ලැබූ, රත්නපුර කන්දක් උඩ පිහිටි (ඒ නිසාම high school වූවා ද?) ප්‍රසිද්ධ බාලිකා විදුහලේදී. අප දෙදෙනාම එවකට එම විද්‍යාලයේ වෙනම පිහිටුවා තිබුණු බාලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබුවා.ඒ කාලයේ සිටම ටාබට් බොහෝ අංශ වලින් දක්ෂයෙක් වුවා. සාමාන්‍ය ඉගෙනීමේ කටයුතු මෙන්ම කලා , ක්‍රීඩා, කථික ආදී බොහෝ දේ වලින් ඔහු ඉදිරියෙන්ම සිටියා.

මට මතක හැටියට ඔහුගේ මව වෙනත් පාසලක ගුරුවරියක්. ඔහුගේ පියා මා කිසි විටෙක දැක නැති මුත් පාසලේ විවිධ කටයුතු වලට ඉඳ හිට බාප්පා කෙනෙකු පැමිණියා. නමුත් බොහෝ විට ඒ දේවල් වලට පැමිණියේ මව හෝ ඇගේ සහෝදරියයි. පසු කාලීනව බාප්පා ද මිය ගියා.

සහජයෙන් දක්ෂ සිසුවෙක් වුවත්, ඔහු කිසි විටෙක වෙහෙසී ඉගෙන ගත් බවක් අපට පෙනුනේ නැහැ.කලින් කීවක්‌ මෙන් ඔහු ස්වභාවයෙන්ම විෂය මෙන්ම විෂය බාහිර කටයුතු වලත් දැඩි වෙහෙසකින් තොරව දක්ෂතා පෙන්නුම් කලා..

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසුවත් අප දෙදෙනා ඇතුලත් වුනේ එකම විද්‍යාලයකට. ඉන් පසුව සාමාන්‍ය පෙළ වන තෙක්ම වරින් වර ඔහුත් මමත් එක පන්තියේ ඉගෙනුම ලැබුවා. ඒ වගේම ඔහු ශක්තිමත් මිතුරු කල්ලියක සාමාජිකයෙක් වුනා. ඔවුන් කිසිවෙක් මම දන්නා පරිදිනම් වයසේ වැරැද්දට කල දෙයක් හැරෙන්නට දැඩි නොහොබිනා දේ කල බවක් මම දන්නේ නැහැ.

සාමාන්‍ය පෙළ ආසන්න වන විට ටාබට්ගේ සිත පාසලට අලුතින් පැමිණි සිසුවියක වෙත ඇදී ගොස් තිබුනා.දෙදෙනාම ඉගෙනුම ලැබුවේ එකම පන්තියේ. කොහොම වුනත් ඇයගෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් නොලැබුණා පමණක් නොව පසුව පාසල හැර ගියෙත් ඉන් මිදීමට බවට රාවයක් තිබුනා.

සාමාන්‍ය පෙළ සතුටුදායක ලෙස සමත් වුනු ඔහු උසස් පෙළ සඳහා ඉගෙනුම ලැබුවේ වාණිජ්‍ය අංශයෙන්. මම වෙනත් අංශයකින්. ඔය කාලයේදී මිතුරන් කිහිප දෙනෙකු සමග විනෝද චාරිකාවක් යන ඔවුන් සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි දුවිලි ඇල්ලෙන් (ලංකාවේ දුවිලි ඇලි බොහොමයක් අතරින් මෙය තවත් එකක්) දිය නා තිබෙනවා.අන් අයට බලපෑමක් නොවුවත්, ටාබට් මෙම ගමනෙන් පසු දැඩිව රෝගී වුනා. වැරදි වෛද්‍ය විනිශ්චයන් නිසා ටික කාලයක් වෙනත් රෝග වලට ප්‍රතිකාර කර අවසානයේ වෛද්‍ය නිගමනය වුනේ ඔහු මොළේ උණ (සිංහලෙන් කියනවා නම් නිධිකර්ප්‍රදාහය) වැළදී ඇති බව. ඒ වන විටත් කෝමා තත්වයට පත්ව සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයකට ඇතුලත් කෙරුණා. මාස කිහිපයක් එහිදී ඔහුට ප්‍රතිකාර කෙරුණු අතර වරක් අප ඔහුව බැලීමටත් ගියා.එහිදී මා දුටුවේ, එතෙක් මෙතෙක් මා දුටු කෘෂම සිරුරයි. මාංශ පේශි දිය වී ගොස් තිබුණු ඒ සිරුරේ, ඇට සැකිල්ලට සම ඇලී තිබුනා. වෛද්‍යවරුන්ගේ මතය වුනේ, ඒ තරමටම අසාධ්‍ය වී දිවි බේරා ගත් ලංකාවේ එකම රෝගියා ඔහු බව.
කාලයත් සමග ඔහු ක්‍රමයෙන් සුවය ලබා පාසැල් පැමිණීමටත් පටන් ගත්තා.

නමුත් ඒ වන විට ඔහු මුලුමනින්ම් වෙනස් චරිතයක් වුනා. කොටින්ම ඔහු යම් මානසික විපර්යාසයකට ගොදුරු වී සිටි බවක් ඔහුගේ හැසිරීම් වලින් පෙනුනේ. ඇතැම් විට ඔහු ප්‍රචණ්ඩ ලෙස හැසිරුණා. පාලනයකින් තොරව කෙළ ගැසීම වැනි දේවල් ඔහු සමග සිටි වෙනත් අයට කරදරයක් වුනා.වරක් පාසැල් බසය ඉදිරි පාපුවරුවේ යමින් කෙළ ගැසීම නිසා පිටිපස පාපුවරුවේ පැමිණි සිසුවෙක්ගේ පහර කෑමට ටාබට් ලක් වුයේ අනිකාගේ මුහුණ කෙළ වලින් නෑවී යාම නිසා.විටෙක පාසලේදී මෙන්ම පිටතදී බොහෝ විට පාසැල් බසයේදී සිසුවියන් සුළු අතවර වලට ලක් වුනා. මොන දේ කලත් ඔහුහේ මිතුරන් සැම විටම ඔහු සමග සිටියා වගේම ඔහු වෙනුවෙන් පෙනී සිටියා.

ඒ වන විට මා මෙන්ම ඔහුත් වේලාසනින් පාසැල් පැමිණීමට පුරුදුව සිටියා. බොහෝ විට දිනපතා ඔහු මාත් සමග කතා බහ කළා. එහිදී මට තේරුම් ගියා ඔහුගේ මේ හැසිරීම් වලට එකම හේතුව ඔහු මුහුණ දුන් රෝගී තත්වය පමණක් නොවන බව.මා කලින් කල ඔහුගේ පසු බිම විස්තරය ඔහුට මානසිකව පීඩාකාරී ව තිබී ඇති බව පෙනුනා. “මට කවුරුවත් නැහැ, මම දැන් නිකම්ම පිස්සෙක්” යැයි ඔහු වරක් මට කියා සිටියා. දිනක් ඊට කලින් වූ සිද්ධියක් ගැන, එනම් මගේ පන්තියේ සිටි සිසුවියකට පාසැල් බසයේදී යම් පීඩාවක් කිරීම (සිද්ධිය දුර දිග යෑම නතර වුනේ අප කිහිප දෙනෙක්ගේ ඉල්ලීම නිසා) මම ඔහුත් සමග කතා කලා. වෙලාව බොහෝ විට පාන්දර 6.30 පමණ වෙන්නට ඇති. මම ඔහුට කියන්නට හැදුවේ එවැනි දේවල් වලින් වලකින ලෙස. නමුත් සිදු වුනේ කෝපයට පත් වුනු ඔහු, මා පෙරලා ගෙල සිර කිරීමයි. ඇත්තටම ඒ වන විට හුස්ම ගැනීම අවහිර වී, දෑස් පවා නොපෙනී යන තත්වයට මට පත් වීමට සිදු වුනේ, ඔහුගෙන් බේරීමට කිසිඳු ඉඩක් නොලැබීම නිසා. වාසනාවට එතනට පැමිණි මේ වන විට දොස්තර හොඳහිත කළුපහන මිතුරා ටාබට්ගෙන් මා මුදා ගැනීමට සමත් වුනා. පසුව දිවා විවේකයේදී මා හමුවීමට පැමිණි ටාබට් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කළා.

වරක් තවත් මිතුරෙකුට ටාබට් දුරකථන ඇමතුමක් ගත් විට මුලින් කථා කර තිබෙන්නේ ඒ මිතුරාගේ පුංචි අම්මා. තමන් කවුදැයි යන්න පවා හඳුන්වා දී තිබියදී ඔහු ඇයගෙන් අසා තිබුනා , “ඇන්ටි ඔයාගේ _______ දැන් ලොකු වෙලා ඇති නේද ?” යනුවෙන්. එයින්ම පැහැදිලි වෙනවා ඒ වන විට ඔහු පත්ව සිටි තත්ත්වය. කුඩා කල සිට නිතැතින්ම ඔහු සතුව තිබු ප්‍රතිරූපය , පෞරුෂය මුළුමනින්ම් අහිමිව සිටි ඔහු ප්‍රකට කලේ මොන වගේ චරිතයක් ද යන්න කලින් කියූ දේ වලින් තහවුරු වෙනවා.

පාසැල් යෑම අවසාන වූ පසු නිතරම ඔහු රත්නපුර නගරයේ සැරි සරමින් හිටියා. ඔහුගේ පදිංචියත් නගරයට ඉතාම ආසන්නයි. හමු වූ බොහෝ විට ටාබට් සීබට් එකක් බොන්න කීයක්‌ හෝ ඉල්ලා සිටියා. ඔහු ළඟ වැඩි වෙලාවක් රැඳීමට අප බිය වුයේ අසලින් ගමන් ගන්න ඕනෑම(සමහර විට අප හඳුනන අයට පවා) ගැහැණු පරාණයකට නොසරුප් දේ කීමට ඔහු පුරුදුව සිටි නිසා.

ඔහුට තිබුණු ප්‍රශ්න වලට අමතරව එකතු වී තිබුනේ විරැකියාව. එවකට ලංකාවේ මහ නගර සභාවක නගරාධිපතිවරයා වුනේ ටාබට්ගේ මාමා. මම වරක් ඔහුගෙන් ඇසුවා මාමාගේ පිහිටෙන් ඔහුට රැකියාවක් ලබා ගත නොහැකිද යන්න ? (ඒ වන විට ඔහුගේ හැසිරීම යහපත් මට්ටමකට පැමිණ තිබුනා). මට දැන ගන්නට ලැබුනේ ටාබට් නගරාධිපති මාමාගෙන් උදවු ඉල්ලූ බවත්, ප්‍රතිචාරය වුනේ “උඹට දෙන්න පුළුවන් රෑට කනත්ත මුර කරන්න” යන්න බව. ඒ වගේම සාමාන්‍ය රැකියාවකට යාමට ඔහුගේ හිතේ කැමැත්තක් නොතිබුන බවත්, උසස් අධ්‍යාපනය අහිමි වීම ගැන පසුතැවිලි වන බවත් තේරුම යන්නේ අදටත්, ඔහු හමු වී සමු ගන්නා විට “අපි කැම්පස් එකේදී හම්බ වෙමු මචං” යැයි පුරුද්දක් හැටියට පැවසීම නිසා.

කාලයත් සමග ඔහු ක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත් වුනත්, අද වෙන විට හැසිරීම් රටාව මුළුමනින්ම සාමාන්‍ය වී තිබුනත්, ඔහුගේ බිඳ වැටුණු පෞරුෂය එලෙසමයි. ඒ වගේම ඔහුගේ මවත් මේ වන විට ජීවතුන් අතර නැහැ. ඔහුගේ සහෝදරයෙකුත් අනෙකුත් ඥාතීනුත් දැනට ඔහු සමග සිටියත්, ප්‍රායෝගිකව සැමදාමත් එසේ කිරීම අපහසු වේවි. ඒ වගේම ඔහුගේ මිතුරනුත් මේ වන විට විසිර ගිහින් (නමුත් හැකි සෑම විටකදීම ඕනයා ගේද මිතුරකු වන පෙත්තප්පු ඇතුළු ටාබට්ගේ මිතුරු කැල හැකි සෑම විට ඔහුව තනි නොකරන්නට වග බලා ගන්නවා.). ඒත් අනාගතයේදී විවිධ හේතු නිසා ඔවුන් ද ටාබට් ගෙන් තවත් දුරස් වේවි.

මට වැටහෙන ආකාරයට මේ වන විට ටාබට් සිටින්නේ උපදේශනයට හරහා පුනරුත්ථාපනයට ලක් කල හැකි මට්ටමක. නමුත් අවාසනාවට ඔහු අද නිකමෙකු හා අනුන්ගෙන් යැපෙන්නෙකු වී සිටිනවා. හෙට ?

7 Comments Posted in Uncategorized
තොගේ බිජ්ජත් මේ සයිස් ද ?


මුලින්ම කියන්න ඕනි, මේ ලිපියේ අසභ්‍ය යැයි ඇතැම් අය සිතන්නට පුළුවන් වචනයක් වන “බිජ්ජ” යන්න ඇතුලත් වෙනවා. මම පුද්ගලිකව හිතන්නේ නැහැ ඒ පදය අසභ්‍යයි කියලා, කොහොම වුනත් “බිජ්ජ” ගැන නොකියා මේ කතාව කියන්නට බැහැ. :)

මට මේ කතාව මතක් වුනේ , අවුරුදු ගණනාවකට පස්සේ පවන් කේමසිරි (අන්වර්ථ නාමයකි, නමුත් ඉඟියක් ඇත) සර්ව මුණගැහීමෙන් පසුව. මේ වතාවේ ඔහුට මම කියන්නට යන කතාව මතක් වුනේ නැති වුනත්, මීට පෙර හමු වුන සෑම අවස්ථාවකදීම සිදු වුනේ එහි අනිත් පැත්ත.. රත්නපුර සීවලි විද්‍යාලයේ බොහෝ දෙනා හොඳින් හඳුනන චරිතයක් තමා පවන් සර්. මට මතක හැටියට ඔහු සෑහෙන කාලයක් පාසලේ ශිෂ්‍ය භට පුහුණුව භාරව හිටියා. බොහොම විනෝදකාමී චරිතයක් වුන ඔහු කිව යුතු ඕනෑම බරපතල දෙයක් විහිළුවෙන්ම කියා දැමීමට හපනෙක්. ඒ වගේම දැඩි දඬුවම් දීමටත් ඔහු ප්‍රසිද්ධයි. කොහොම වුනත් ඔහු තමන්ගේ වෘත්තීය වගකීම නොපිරිහෙලා ඉටුකරන, එනම් හරියාකාරව කැපවීමෙන් ඉගැන්වීම් සිදුකරන ගුරුවරයෙකු බව දැන ගත්තේ ඔහු අපට වසරක පමණ කාලයක් ඔහුගෙන් ඉගෙනීමෙන්. මට මතක හැටියට මේ සිද්ධිය වුනෙත් ඔහු අපට ඉගැන්වුවෙත් අට වසරෙදි. ඔහු ඉගැන්වුයේ විද්‍යාව..

මංතුමා ගැන කියනවානම් ඉතින් මේ ලඟදි අපේ ඉස්කෝලෙ හාමිනේ රාජකාරි කරන පාසලේම සේවය කරන කලින් සීවලියේ හිටපු ගුරුතුමෙක් කියලා තිබුනා “ඔයා හරි වාසනාවන්තයි රාමි (මේ නාම ක්‍රමය කතන්දර අයියාගේ ශෛලියක් නේද ?), ඔය වගේ ගුණ යහපත් ස්වාමි පුරුෂයෙක් ලබා ගන්න” කියලා(අනේ මන්දා ??).ඇත්තටම ඒකට හේතුව පාසල් කාලයේදීත් මංතුමා ඉතා අහිංසක ගුණ ගරුක චුටි ළමයෙක් වීම.

පවන් සර් නිතරම අඛණ්ඩ ඇගයීම් පරීක්ෂණ කළා. රෝනියෝ කල ඒ ප්‍රශ්න පත්‍ර වලම අපි පිළිතුරු සැපයිය යුතු වුනා.ඉන් පසුව ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ පළමු වටය සිදු වුනේ සිසුන් අතින්මයි. කිසිවෙකුට තමන්ගේ උත්තර පත්‍ර නොලැබෙන ලෙස පිළිවෙල වෙනස් කර සිසුන් අතර බෙදා දුන් පසු ඔහු විසින් පිළිතුරු පැහැදිලි කිරීම් කළා. අප විසින් ඒ අනුව ලකුණු සටහන් කිරීමටත් අවසානයේ තමන් ලකුණු ලබා දුන් උත්තර පත්‍රයේ නම සටහන් කිරීමටත් නියමිත වුනා.ඉන් පසුව ඔහු විසින් ඒ උත්තර පත්‍ර නැවත පරීක්ෂාවට ලක් වුනා. ඇත්තටම එය ඉතාම හොඳ ක්‍රමයක්.

අට වසර විද්‍යාව විෂයය නිර්දේශයට ප්‍රජනක පද්ධති පිළිබඳ දේ ඇතුලත් නොවී තිබුනත්, යම් ව්‍යාපෘතියක් නිසා ඒ සම්බන්ධව ඉගැන්වීමට අපේ පවන් සර්ව යොදා ගැනුනේ මේ අතර. ඔහු එය ඉතාම හොඳින් සිදු කළා. අවසානයේ සුපුරුදු පරිදි අඛණ්ඩ ඇගයීම් උත්තර පරීක්ෂාව සිදු වුනා. එවර ප්‍රශ්න පත්‍රයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන යම් ප්‍රශ්නයක් අසා තිබුණා. යම් හේතුවකට මා පරීක්ෂා කල උත්තර පත්‍රයේ ඊට පිළිතුරු සපයා තිබුනේ නැහැ. සමහර විට ඒ කොල්ලට ලැජ්ජා හිතෙන්න ඇති.

හිස්ව තිබුණු ඉඩ ප්‍රමාණයේ ලකුණු බින්දුවක් දැමීමෙන් සෑහීමට පත් වීමට මට උවමනා වුනේ නැහැ. මම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන සවිස්තරාත්මක සටහනක් ඒ ඉඩේ ලිව්වා. හොඳ රුප සටහනකුත් ඇන්දා. තවත් වර්ග අඟල් දෙකක් පමණ හිස් ඉඩක්…

අනෙකුත් ප්‍රශ්න-පිළිතුරු වලට ලකුණු සටහන් කරන අතර තුර ඇර කුඩා ඉඩේ මම මේ වගේ සටහනක් දැම්මා.ඉඩ මදි නිසා ඉතා කුඩා අකුරින්. ඒ වගේම මගේ සාමාන්‍ය අකුරු ඌරුවට වඩා වෙනස් වන පරිදී. කෝකටත් මගේ නම උත්තර පත්‍රයේ ලිවීමෙන් වැළකුණා.

“පුරුෂයෙකු වශයෙන් ඔබ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිලිබඳ පමණක් දැන ගැනීම ප්‍රමාණවත් නොවේ. පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳවද ඔබ දැන ගත යුතුය. ඔබ පිටතින් දකින දේට වඩා දේ ඇතුලින් ඇත.පුරුෂ ප්‍රජනක පද්ධතියේ හරස්කඩක් පහත දැක්වේ…

[[ඉතා කුඩාවට, පුරුෂ ප්‍රජනක පද්ධතියේ හරස්කඩ සටහනක්]]”

ඕක ඉතින් මම ලිව්වා මිසක් ඉන් එහාට වෙන දෙයක් ගැන හිතුවේ නැහැ…

ඊ ළඟ දවසේ පවන් සර් පන්තියේදී කියා සිටියා උත්තර පත්‍රයක නොසරුප් යමක් ලියා ඇති බවත්, ලියූ එකාට වරද පිළි අරගෙන භාර වෙන ලෙසත්, එසේ නොවුනහොත් ඌ සොයාගෙන දෙමාපියන් කැඳවන බව.. භාර වෙන්න හිතුනත් ප්‍රතිඵලය අවිනිශ්චිත වීම නිසාම මම එසේ කලේ නැහැ. ඉන් පසුව ඔහු කලේ ලකුණු සටහන් කල උත්තර පත්‍ර වල නම් සඳහන් සිසුන් පන්තියෙන් එලියට යැවීම. පන්තියේ ඉතිරි වුනේ පස් දෙනෙක්.. පවන් සර්ගේ ඊ ළඟ තර්ජනය ,

“තොපි එකෙක් තමා මේ වැඩේ කරලා තියෙන්නේ.. කරපු එකා අදම ඇවිත් මාව හම්බ වෙයන්.. …………..”

අන්තිමට එක එකා අනිත් එවුන්ගෙන් අහනවා, උඹද මේක කලේ ?.. කවුද මේක කලේ වගේ දේවල්.. එතනදී මම පිළි ගත්තා මම මේ දෙය කල බව ඒ වගේම තීරණය කළා භාර වෙන්නට. මෑතකදී චීන වරාය කොම්පැනියකට බැදී අධි වේගී මාර්ගයක බාල කාපට් දැම්මවූ දුෂාන්ත නම් හිත හොඳ මිතුරා ඉදිරිපත් වුනා මාත් සමග පවන් සර් හමු වීමට යාමට…

පළමු වතාවට පාසල් ශිෂ්‍ය භට කාර්යාලයට ඇතුළු වූ අප දෙදෙනා දුටුවේ, වැඩිහිටි ශිෂ්‍ය භටයින්ට ඇර උත්තර පත්‍රය පෙන්වමින් සිනහසෙන පවන් සර්.. දෙදෙනාම ඔහු අසලට ගිය පසු, දුෂාන්ත විසින් මාව හඳුන්වා දුන්නා..පවන් සර්,

යකෝ, තෝ ද හෙමිජ්ජා වගේ ඉඳගෙන මේක කලේ?

(මවිසින් ඇඳ තිබු පුරුෂ ප්‍රජනක පද්ධතියේ ඉතා කුඩා හරස්කඩ රුප සටහන පෙන්වමින්…) තොගේ බිජ්ජත් මේ සයිස් ද ?

පල _____ යන්න …

(අප දෙදෙනා පලවා හැරියා)

කිසිම දඬුවමක් ලැබුනේ නැහැ, ඔහු කලේ ව්‍යාජ බිය ගැන්වීමක් බව සියලු දෙනා තේරුම් ගත්තා. අඩුම තරම පන්තියේදී ඉන් පසුව ඔහු ඒ ගැන කතා කළේවත් නැහැ. ඒ ඉතින් ඒක අහිංසක මෝඩ ආතල් එකක් බව ඔහුට තේරුම ගිය නිසා වෙන්න ඇති…

20 Comments Posted in Uncategorized