ආබාධිත රියදුරු සොයා දෙන්න

අපේ මහ වෙදනා විසින් පළ කල “සිතා බලන්න” යන ලිපියේත් , ගොසිප්ලංකානිවුස්හි මේ ලිපියේත් අතක් අහිමි රියදුරෙකුගේ ජීවනෝපාය නීත්‍යානුකුලව අඩාල වුනු ආකාරය ගැන කියවුනා.

Source : http://www.gossiplankanews.com

මේ පිළිබඳව මා ආබාධිතයින්ට පිහිට වන ආයතන කිහිපයකට දැනුම් දී විමසා සිටියා , “ඒ පුද්ගලයාට ඔවුන්ට කල හැකි යම් දෙයක් වේද ? ” යන්න.

මේ වන විට ඉන් එක්‌ ආයතනයකින් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ඔවුන් මගෙන් ඉල්ලා සිටියා හැකිනම් ඒ පුද්ගලයා සම්බන්ධ කර දෙන ලෙස.

ගොසිප්ලංකානිවුස් හි පළවුණු පරිදි ඔහු, කොටුගොඩ පදිංචි කරුවෙක්. කුරුඳුවත්ත පොලීසියේද මොහු ගැන තොරතුරු තිබිය යුතුය.

මේ කියවන ඔබ කවුරුන් හට හෝ මේ පුද්ගලයා සම්බන්ධ කරගත හැකි තොරතුරු සොයා දිය හැකිනම් , බොහෝ විට ඒ පුද්ගලයාට නව ජීවනෝපායක් සකස් කර දීමට බොහෝ උපකාරී වේවි.

මේ වන විට අදාළ තොරතුරු ලැබී ඇත. ඔබගේ අවධානයට ස්තුතියි.


the attachments to this post:

mymail
mymail


4 Comments to “ආබාධිත රියදුරු සොයා දෙන්න”

  1. බලමු බැරි වුනොත් කොටුව පොලෝසියෙන් ගමු.

  2. ඉඳුනිල් says:

    බොහොම ස්තුතියි.

  3. Observer says:

    ඔබේ උත්සාහයට මගේ ප්‍රණාමය

Leave a Reply