මෙතනදී අකුරු කුඩා වීමේ ප්‍රශ්නය ඇති වුනේ, බ්ලොගර් විසින් කමෙන්ටු වල අකුරු අඩංගු HTML <blockquote> කොටසට අදාළ CSS class ඒක, එනම් comment-content සඳහා අකුරු ප්‍රමාණය 13px වලට සීමා කිරීම.
අපට මෙය බ්ලොග් ටෙම්ප්ලේටයේ HTML එඩිට් කර, විශේෂිත CSS උපදෙසක් ඇතුලත් කිරීම මගින් , අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට පුළුවන්. ඒ සඳහා වන ක්‍රියා පිළිවෙල පහත පරිදි යොදා ගන්නට පුලුවන්.
මෙහි බ්ලොගර් ටෙම්ප්ලේටයේ කේත (Code) වෙනස් කිරීමක් ගැන උපදෙස් සඳහන් අතර, ඔබ එවැන්නක් කරයිනම් එය ප්‍රවේශමෙන් කරන්න. නොදැන කරන අත් වැරද්දක් ඔබගේ බ්ලොග් පිටු වල පෙනුමට ලොකු වෙනසක් ඇති කරන්නට පුළුවන්. හරි හැටි කලොත් හානියක් නැහැ.
1. බ්ලොගර්හි ටෙම්ප්ලේට් ඩිසයින් පිටුවට (ඇඩ්මින් පිටුවට) ගොස් පහත දැක්වෙන [Edit HTML] බොත්තම ක්ලික් කරන්න.


2. ඊ ලඟට ඔබට පහත පණිවුඩය දිස් වී, HTML එඩිට් කිරීමේ අවශ්‍යතාව තහවුරු කිරීමට,[Proceed] බොත්තම ක්ලික් කරන්න.
Directly editing HTML may affect the way some features work and is only recommended for advanced users. Editing template HTML may unpredictably affect other Blogger features. We recommend using the Template Designer first, where you can Add CSS under the Advanced section.
එම පණිවුඩයේ කියවෙන ආකාරයටම, කෙලින්ම HTML එඩිට් කිරීමේදී ප්‍රවේසම් වීම වඩාත් සුදුසුයි.

3. ඊළඟට ඔබට ටෙම්ප්ලේටයේ HTML වෙනස් කරගත හැකි පහත රුපයේ දැක්වෙන එඩිටරය ඉන් පසුව ඔබට දිස් වේවි.පහත රූපයේ රතු කොටුවකින් වෙන් කර දක්වා ඇති CSS කේත කොටස බලන්න. ඒ මම එකතු කල කොටස.ටෙම්ප්ලේටයේ CSS කේත අතරට මෙලෙස ඔබට අවශ්‍ය CSS උපදෙස් ඇතුලත් කිරීමට පුළුවන්.

පහත දැක්වෙන්නේ ඒ කේත කොටස. අවශ්‍යනම් ඔබට කොපි කර ගැනීමටත් පුළුවන්. තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නත් පුළුවන්.
මෙතන !important යන්නෙන් කියවෙන්නේ අනිකුත් මීට අදාළ CSS උපදෙස් අභිබවා මෙය බලාත්මක කරන ලෙසටයි. සාමාන්‍යයෙන් මෙය අත්‍යාවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් බ්ලොගර් කමෙන්ට් අකුරු කුඩා වීමේ සිද්ධියේදී බ්ලොගර් විසින් බලාත්මක කර ඇති අකුරු ප්‍රමාණයන් අපේ ටෙම්ප්ලේට වල සඳහන් උපදෙස් අභිබවා ක්‍රියාත්මක වෙනවා. අප !important යන්න අප විසින් එකතු කරන CSS උපදෙසකට එක් කරන්නේනම් එය බොහෝ විට අදාළ වෙනත් උපදෙස් අභිබවා ක්‍රියාත්මක වේවි. වඩාත් හොදින් !important ගැන දැන ගැනීමට http://webdesign.about.com/od/css/f/blcssfaqimportn.htm වෙත යන්න.
සාමාන්‍යයෙන් තනි CSS උපදෙසක් යෙදීමේදී අවසානයට සෙමි-කෝලන් එකක් එකතු කරනවා.
font-size:20px;
නමුත් !important යෙදීමේදී සෙමි-කෝලන් එකට පෙර එය යෙදිය යුතු මෙන්ම, ඒ හා CSS උපදෙස අතර හිස් තැනක් (a space) තිබිය යුතුයි.
font-size:20px !important;
4. අවසානයේ [Save Template] බොත්තම ක්ලික් කරන්න.
5. ඔබේ බ්ලොග් අඩවියට ගොස් අළුත් වෙනස් කම් ක්‍රියාත්මක දැයි බලන්න. බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය නොලැබුනහොත් එකතු කල CSS උපදෙස් වෙනස් කර බලන්න.
බ්ලොගර් සෙටින්ස් මත හා ඔබ කර ඇති වෙනස් කම් අනුව ඔබගේ බ්ලොග් අඩවි ඩිසයින් (ඇඩ්මින්) පිටුව මෙහි කියවෙනවාට වෙනස් අයුරකින් තිබෙන්නට පුළුවන්. කොහොම වුනත් තිරයේ දිස් වන දේ හොඳින් කියවා තේරුම ගෙන ඉන් පසුව කරන්නක් කරන්න.

ඔය තියෙන්නෙ ටොප් එකට හැමෝටම තේරෙන විධියට. තෑන්ක් යූ.
ThanQ .. One & Only comment … But I know some others also read..
බොහොම ස්තුතියි . ඔබා මාමා තමයි මේ ගැන කිව්වේ . පළමු ලිපිය නම් කියවන්න වත් වෙලාවක් තිබුනේ නැහැ . මෙතැනදී නම් හොඳටම තේරුනා . වැඩි පරිගණක දැනුමක් නැති මන් වගේ අයට ඉතාම ප්‍රයෝජනවත් ලිපියක් . තවමත් මගේ කමෙන්ට්ස් වල ලියපු කෙනාගේ නම කුඩායි . ඒ ගැන යමක් කල හැකිද . නැතත් ලොකු ප්‍රශ්ණයක් නම් නැහැ නේද . නැවත වරක් ඔබට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි. ප්‍රයෝජනවත් වුනා නම් සතුටුයි.