මේ බල්ලාට කකුල් තිබුනේ නියමිත ප්‍රමාණයට දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ අපේ වර්ගයේ. අපේ වර්ගයේ වුනත් වෙනස නමෙනුත් බලු වීම. මේ බල්ලා අපේ පාසලේම ඉගෙන ගත්තේ. (උගත් බල්ලෙක්) . මට වඩා වසරකින් වැඩිමල් වුනු බල්ලා සමග පාසැල් කාලයේදී මගේ ආශ්‍රයක් තිබුනේ නැති වුනත් පසුව මට වැඩි දුර අධ්‍යාපනය ලබද්දී හොඳ මිතුරෙක් වුනා. බල්ලාගේ චරිත ස්වභවය අනුව ඌ සම්බන්ධ කතා බොහොමයක් තිබෙන්නට පුළුවන් වුනත්, මම ඌව ආශ්‍රය කලේ ටික කාලයක් නිසා මම දන්නේ ඉන් අතලොස්සක්. බුද්ධි අංශ වාර්තාවක් ලැබුනොත් දෙවෙනි කොටසක් ලියන්නට පුළුවන් වෙයි. බලමු.
බල්ලාගේ සැබෑ වාසගම අවසන් වන්නේ “තිස්ස” යන කොටසෙන් නිසා ඇතැම් දෙනා ඌව බලුතිස්ස ලෙසත් හඳුන්වනවා.
මට තවමත් සොයා ගන්නට බැරි වුනා මේ බල්ලා , බල්ලා වුනේ කොහොමද කියලා. කාට හරි බලුම වැඩක් කරලා මාට්ටු වෙන්න ඇති.
වරක් බල්ලාත් මමත් කුරුවිට, බෝපත් ඇල්ල ප්‍රවේශ මාර්ගය අසල පදිංචිව සිටි උගේ මිතුරෙක් හමු වීමට ගියා. එදා පෝය දිනයක්. ආපසු පයින් එන අතර තුර බෝපත් ඇල්ල බලන්නට යන නඩයක් රැගෙන ආ බසයක් හමු වුනා. වහාම අත දිගු කර බසය නැවැත්වූ බල්ලා රියදුරුට මෙසේ කියා සිටියා.
“අද ඇල්ල වහලා. පෝය නේ.. වෙන දවසක එන්න අයියේ..”
බසයේ සිටි එක් අයෙක්, “මොකද? මොකද?” අසමින් බැස එන්නට සුදානම් වුවත්, සිනහ පහලව සිටි රියදුරු නැවත ගමන් ආරම්භ කළා..
බල්ලා බල්ලෙකු බව ඔහුගේ දෙමවුපියන් ද දැන සිටියා. ඒ වගේම අපේ බල්ලාගේ නිවසේ සුරතලයට ඇති කෙරුණු තවත් බල්ලෙකුත් හිටියා. වරක් බල්ලාගේ මිතුරෙක්, උගේ නිවසේ දුරකතනයට ඇමතුමක් ගත් විට ප්‍රතිචාර දක්වා තිබුනේ ඔහුගේ පියා.එතන ඇති වුන දෙබසේ මුල් කොටස මේ වගේ..
අංකල් , බල්ලා ඉන්නවා ද ?
ආ ඔවු පුතේ, බල්ලෝ දෙන්නෙක් ඉන්නවා .. කොයිකටද කතා කරන්න ඕනි ?
..
..
ඒ කාලයේ බල්ලාත් මමත් ඉගෙනුම ලැබුවේ දැන් කොළඹ පිහිටි ආයතනයක.ඔවුන්ගේ ශාඛාවක් එවකට රත්නපුර පිහිටා තිබුනා. ඒ හේතුව නිසා අපි ප්‍රායෝගික පුහුණුවට රත්නපුර ශාඛාවට යාමට පුරුදුව සිටියා.එතන සේවය කල පිරිසත් අපේ(බල්ලා, මම, ඩැනී සහ හුණා) හොඳ මිතුරන් වුනා වගේම අද බල්ලාගේ ප්‍රිය බිරිඳ එහි සේවය කල උපදේශිකාවකගේ නැගණිය. ටික කලකින් ඒ ආයතනය රත්නපුර මොරගහයට හන්දියේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙන ආවා. එතැන ප්‍රධාන පාරවල් දෙකක් හමු වන T-හන්දියක්. එක් පාරකින් තවත් පාරකට හැරෙන විට වාහන වල වේගය අඩාල අනිවාර්යයි.
වරක් නිවාඩු දිනයක බල්ලා එතැනට වී සිටියේ උගේ ලිපිනය ලියු කොළ කැබලි මිටියක් රැගෙන. සෙමෙන් හන්දියෙන් හැරෙන වාහන වල කෙල්ලන් සිටියේනම් බල්ලා වාහනය තුලට ඒවා දැම්මේ කනාවට හෝ රිප්ලයි එකක් ලැබුනොත් යැයි කියමින්. ටික වෙලාවකින් පැමිණි වෑන් රියක පිටු පස සිටි රූබර ගැටිස්සියන් පිරිසක් දුටු බල්ලාට උන් හිටි තැන් අමතක වුනා.ඉදිරිපස වම් අසුනේ හිටියේ හිමි නමක්. හාමුදුරුවන් අසලින් වෑන් රථය තුලට හිස දැමු බල්ලා මෙලෙස අසමින් උන් වහන්සේටත් ලිපිනය ලියූ කොළ කැබැල්ලක් ලබා දුන්නා..
හ්හාමුදුරුවනේ ? කෙල්ලොත් ඉන්නවා නේ??
අපට විනෝදය ගෙන දුන් තවත් දෙයක් වුනේ, බල්ලාට එහිදී පිටු පස සිටි එක් ගැටිස්සියෙකුත් ලිපිනයක් ලියූ කොළ කැබැල්ලක් පෙරලා ලබා දීම.එහෙම වෙන්න ඇයත් බල්ලා කරමින් සිටි ක්‍රියාවම කරමින් පැමිණුනා වෙන්නට ඕනි
.හොඳ ගැලපීමක් වුනත්, එහි තිබුනේ ව්‍යාජ ලිපිනයක් වගේම සඳහන්ව තිබුණු ගම __අම්බලම.
බල්ලාගේ තවත් ලක්ෂණයක් තමයි ස්වාභාවිකවම ශුද්ධ සිංහල කියවීම. වරක් රාත්‍රියේ යතුරු පැදියකින් පියාත් රැගෙන ගමන් කරමින් සිටි බල්ලා ඉදිරිපසින් පැමිණි වාහනයේ ප්‍රධාන ලාම්පු අඩවන් නොකිරීම නිසා අපහසුතාවට පත් වීමෙන් පසුව යමක් පිට වෙලා.
බල්ලා : අම්මට හු#$%න්
පියා : මොකක්ද යකෝ කිව්වේ ?
බල්ලා : ම්මොකුත් න්නැහැ තාත්තේ..
ඒ වගේම සාමාන්‍ය කතා බහේදී යමෙකු ගැන කීමට ඔහු නිතැතින්ම යොදා ගන්නේ හු#$%තා යන පදය ?
උදා -
මොකද හු#$%තො පරක්කු ?
ඒ හු#$%තා ඔහොමමයි…
ඒ හු#$%ති $%^
ළඟදී මට ගෙදර යන ගමන් සිටියට ගොඩ වෙලා හිටපු බල්ලව මුණ ගැසුනා. බල්ලා දැන් එක් දරු පියෙක්. දරුවා රාත්‍රියේ පාලනය කර ගැනීම අපහසු බව බල්ලා කීවේ මෙහෙම..
ඒ හු#$%ගෙ වැඩේ රෑට අඬන එක..
(මේ වචන හිතා මතා නොව පුරුද්දටම කටින් පිට වන ඒවායි)
වසර කිහිපයකට කලින් බල්ලා දිනක් පාතාල කණ්ඩායමක පැහැර ගැනීමට ලක් වුනා. අවේලාවේ වීථි සංචාරයේ යෙදෙමින් සිටි බල්ලා අසල හදිසියේ නතර කල වෑන් රථයකින් බට මුහුණු ආවරණය කල මැර පිරිසක් බලහත්කාරයෙන් බල්ලා රථයට දමා මුහුණ එහි තිබුන පෙට්ටියක් තුලට දමා කිහිප දෙනෙක් විසින් පාගා තබාගෙන රැගෙන යනවා. තමන්ගේ හිස ඔබා තිබුණු පෙට්ටිය තුලා බල්ලා දැක තිබෙන්නේ අත් බෝම්බ කිහිපයක්.භීතියට පත් වූ බල්ලාට යමක් පහ වූ බවක් දැන ගන්නට නැති වුනත් එසේ වුනා විය හැකියි. ටික දුරක් ගමන් කල පිරිස පසුව බල්ලාව, නැවතූ වැන් රථයෙන් එළියට ඇද දැමීමෙන් පසුවයි බල්ලා දැක තිබෙන්නේ කල්ලියේ නායකයා තමන්ගේ මිතුරෙක් බව. ඒ මැතිවරණ පෝස්ටර් ඇලවීමේ කණ්ඩායමක සිටි, බල්ලාගේ මිතුරාගේ විහිලුවක්. (අත් බෝම්බ යනු පාප්ප හොඳින් මිශ්‍ර කිරීමට මැතිවරණ කාල වලදී යොදා ගන්නකි )
…………
කලින් කිව්වා වගේ බල්ලා ගැන නොදත් දේ සොයා ගත්තොත් නැවත ලියන්නම්.


ෆොටෝ එකේ ඉන්නෙ ඌද?
නියමයි ‘බල්ල’ නම් , කතාවට ෆුල් ලකුණු.
@ඔබා මාමා : ඔවු ෆොටෝ එකේ ඉන්නේ ඌ. ස්තූතියි..
ඔන්න කාලෙකට පස්සෙ. දැන් බලුකථා සීරීස් එකක්ම යයි වගේ. අපේ කාලෙත් හිටියා බල්ලෙක්. ඌට හිටියා නියම යාලුවො දෙන්නෙක්. එකෙක් මැක්කා, අනිකා පනුවා. ඇත්තෙනම නියමම පනුවා. ඇගේ ලේ කඳුලක් නැහැ. ඉරටේ වගේ. වැඩත් එහෙමයි. ඕනම දේකට බල්ල එක්ක තමයි වැඩ. නියම පරපෝෂිතයා. අනිකා මැක්කාත් ඒ වගේ. බල්ල නැත්නම් ඌට නින්දවත් යන්නේ නැහැ. බල්ලට හේත්තු වෙලා ඉන්නේ. ඉතින් මැක්කා. මහාම පජාති සෙට් එකක්. කිසිම කෙනෙක්ට යහපතක් කලේ නැහැ.
@වේද මහත්තය : බල්ලා කියන්නේ සුලභ සතෙක්නේ. ඒ වගේම කියලා තියෙන හැටියට මාත් ටිකක් අර පණුවා වගේ කියල හිතුනා.
මචන් උඹ නම් හැබෑම පණුවෙක් තමය්
බල්ලාගේ බලු කතා නම් නියමයි.
කෙසේනමුත් මා දන්නා තරමින් බල්ලා හොඳ චෙස් සුරයෙක්.
බොහොම ස්තුතියි මචං චෙස් ගැන මතක් කර දුන්නාට. ඇත්තටම බල්ලා සමස්ත ලංකා පාසැල් චෙස් ශුරතාවක් පවා දිනා ගත් එකෙක්. ඒ හරහා මට තවත් කතාවකුත් මතක් වුනා. බලමු දෙවෙනි කොටසක් ලියවුණොත්..
උඹත් කියනවා වගේම මම පණුවෙක්ම තමයි.
ළඟදීම උඹ ගැනත් ලියනවා..
අහ් . හොඳයි හොඳයි කාලීන මාතෘකාවක් . බලු කතා …
ස්තුතියි.ඇත්තටම සර්වකාලීන මාතෘකාවක්.
ඔන්න මමත් අද ඉදන් මේ පැත්තට එනවා…
බොහොම ස්තුතියි. සාදරයෙන් පිලි ගන්නවා.
හෆ්ෆා.. නියම බල්ලෙක් නෙ මූ නම්.. ඔහොම යාලුවො සෙට් වෙන්න පෙර කල පින් තීයෙන්නම ඕනි..
හිකිස්. බල්ලාට මේක පෙන්නන්න ඕනි.
ලභුත් එක්ක භත් කාලා ලිභ්භොක්කේ භල්ල භුදී
ප.ලි.
අපිට ජූනියර් බැච් එකේ කෙල්ලෙක් හිටිය “බල්ල නංගි” කියල. නම වැටුනෙ කොහොමද කියට මට වඩා බාල දන්නව
අර ඕනයා කිව්ව කෑල්ල මං අහලා තියෙන්නෙ මෙහෙමයි. භාප්පේ භාපේ භාප්පගේ භල්ලා ලභුත් එක්ක භත් කාලා භොක්කෙ භුදී.
කතාවත් ලියපු විදියත් දෙකම මැක්සා.
ස්තුතියි. සාදරයෙන් පිලි ගන්නවා මගේ බ්ලොගට..
ඌට බල්ල කිව්වට ඌ හොද කොල්ලෙක් වගේ…තව බලු කතා ටිකක් ලියමු
ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ…
ස්තුතියි මේ පැත්තේ ආවට.
. බල්ලා හිත හොඳ එකෙක් තමා..
බල්ලන් ගෙ බලු ගී අසාලා
නිදියයි සිහින බලාලා
ෂුවර් එකටම ඕක බලු හාමිනේ නිතර කියනවා ඇති..
ඌ නම ශිරා ආතල් කොල්ලෙක්..
ඇත්ත, ඌට මේක පෙන්නන්න කාලේ හරි.