
Source : http://tinyurl.com/d7zbhy5
ඩුප්ලිකේට් යන්න හැමෝම දන්නවා.. පිටපත් දෙකයි.
Triplicate ට්‍රිප්ලිකේට් – පිටපත් තුනයි..
Quadruplicate ක්වොඩ්‍රප්ලිකේට් – පිටපත් හතරයි
තවත් කිහිපයක් ගැන ජාලෙන් හොයා ගත්තා..
quintuplicate – ක්වින්ටප්ලිකේට් – පිටපත් පහයි.
sextuplicate – සේක්ස්ටප්ලිකේට් – පිටපත් හයයි
septuplicate – සෙප්ටප්ලිකෙට් – පිටපත් හතයි
octuplicate – ඔක්ටප්ලිකේට් – පිටපත් අටයි
nonuplicate – නොන්ටප්ලිකේට් – පිටපත් නවයයි
decuplicate – ඩෙකප්ලිකේට් – පිටපත් දහයයි
සමහර විට මීට වඩා වැඩි පිටපත් ගණන් තවත් වචන ඇති. සොයා ගන්නට ලැබුනේ මෙපමණයි.
ව්‍යාකරණානුකුලව කලින් ලියා ඇති ඉංග්‍රීසි-සිංහල වචන100%ක් නොගැලපෙන බවත් සලකන්න. Duplet, Triplet , Quadruplet, Quintuplet , Sextuplet , Septuplet, Octuplet, Nonuplet , decuplet යනාදී වශයෙනුත් භාවිතා කරන්නට පුළුවන්. කොහොම වුනත් සරලවම 3 Copies, 5 Copies, 10 copies ලෙස භාවිතා කිරීම පහසුයි වගේම වැඩි දෙනෙකුට වැටහේවි.
පිටපත් එකකට වැඩි ඕනෑම සංඛ්‍යාවක් හඳුන්වන වචනයක් නොදන්නා නිසයි මම මල්පිකේට් යන්න භාවිතා කලේ.. පොදු වචනයක්..
මට හදිසියේ මේ ගැන හිතුනේත්, ලියුවේත් ඊයේ අත් විඳි සිදුවීමක් නිසා.
සුපුරුදු පරිද්දෙන්ම මම ඊයේ රක්ෂණ වාරිකයක් ගෙවන්න ෆුඩ් සිටියට ගියා. කලින් කිසිම ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඇත්තටම රක්ෂණ ආයතනයට ඒ වෙනුවෙන්ම යාම වෙනුව ෆුඩ් සිටියෙන් ගෙවීම පහසුයි. ගෙවීම ඒ මොහොතේම ආයතන දෙක අතර ස්වයංක්‍රීයවම හුවමාරු වීමත් සිදු වනවා. නමුත් ඊයේ ගෙවීම යන්ත්‍රයට ඇතුලත් කල විට යම් කිසි තාක්ෂණික දෝෂයක් නිසා රිසිට් පත මුද්‍රණය වුනේ නැහැ වගේම ගනුදෙනුව සාර්ථක බවට සුපුරුදු සටහන තිරයේ පෙන්වුවෙත් නැහැ. කැෂියර් (කලින් අපේ බක පණ්ඩිතයින් මේ වෙනුවෙන් නිර්මාණය කර තිබු සිංහල පාරිභාෂික පදය වුනේ “කාසි පාලක” යන්න) සහෝදරිය නැවතත් ගෙවීම් සටහන් කිරීමට යන විට මම ඇත්තටම කියා සිටියා ඩුප්ලිකේට් විය හැකි බව. එවිට ඇය “එහෙම වුනොත් පාඩු අපිටනේ” කියමින් නැවතත් ගනුදෙනුව සටහන් කළා.එවිටත් යන්ත්‍රයේ ප්‍රතිචාරය පෙර පරිදිමයි. ඉන් පසු ඇය තවත් කැෂියර් සහෝදරියකට කතා කළා.ඇයත් තවත් වතාවක් ගනුදෙනුව සටහන් කළා. වෙනසක් වුනේ නැහැ. ඉන් පසුව ප්‍රධාන පරිගණකය පරීක්ෂා කර බැලු ඔවුන්ට දැන ගත හැකි වුනේ, රක්ෂණ ගෙවීම තෙවරක් සිදු වී ඇති බව.රක්ෂණ ආයතනයෙන්ද මා විමසා බැලු අතර ඔවුන් කීවේ මම මාර්තු මාසය වෙන තෙක් වාරික ගෙවා ඇති බව..
කොහොම හරි ගැටළුව ඒ ආයතන දෙක මැදිහත්ව විසඳා ගනීවි. උවමනා වුනොත් මගේ සහයත් ලබා දෙනවා.
පරිගණක හා දත්ත සම්ප්‍රේෂණයට අදාළ වෙනත් යන්ත්‍ර හා මෘදුකාංග මගින් මෙවැනි දේ වීමට ඇති හැකියාව බොහොමයි. ඔබ විද්‍යුත් වාණිජ්‍ය පහසුකම් භාවිතා කර පුරුදුනම් සමහර විට දැක ඇති,සමහර වෙබ් අඩවි වල ක්‍රෙඩිට් කාඩ් අංකය ඇතුළු තොරතුරු ඇතුලත් කර දත්ත යැවීමට අදාළ බොත්තම ක්ලික් කල සැනින් ඒ බොත්තම අක්‍රීය වන අයුරු. ඒ ඔබට තවත් වතාවක් ඒ මත ක්ලික් කළහොත් සිදුවිය හැකි අතිරික්ත ගනු දෙනුවක් වලක්වා ගැනීමට. නමුත් සෑම මෘදුකාංග ක්‍රමලේඛයෙකුම ඒ ගැන සිතන්නේ නැහැ.සිතුනත් ප්‍රධාන කාර්යය සිදුවන නිසා අමතර දේවල් කිරීමට උදාසීනයි. (පළපුරුද්දෙන්ම දන්නා දෙයක්
). එවැනි අතපසු වීම්/කිරීම් ඇති විද්‍යුත් වානිජ්‍ය වෙබ් අඩවියක පරිශීලිකයා නොදැන කරන දෙයින් අමතර ගනුදෙනු සටහන් වීමට ඇති හැකියාව විරල නැහැ. දත්ත සම්ප්‍රේෂණ වේග අඩු අවස්තාවකදී, අන්තර්ජාල පහසුකම් ඇණ හිටීමකදී , මෘදුකාංග දෝෂ වැනි වෙනත් දේ බොහොමයක් නිසා පරිශීලකයා ගෙවීම් ෆෝරම නැවත නැවතත් නොදැනුවත්ව සම්ප්‍රේෂණය කල හැකියි. බොහෝ විට මේ ගනු දෙනු අවලංගු කල හැකි වුවත් ක්‍රමවේදය සරල නැහැ වගේම ඉක්මන් නැහැ. ඒ විසඳන තුරු ක්‍රෙඩිට් කාඩ් පතේ ශේෂය සමහර විට වෙනත් දේ වලට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.
සමහර විට මේ ආකාරයටම ඔබට එකම ඊ මේල් පණිවුඩය කිහිප වතාවක් ලැබුණු අවස්ථා ඇති.එසේ යවා ඇති අවස්ථාත් ඇති.
මේ ආකාරයටම පමණක් නොව වෙනත් ආකාර බොහොමයක් තිබෙන්න පුළුවන් මල්පිකේට් දෝෂ ඇති වෙන්නට පුළුවන්.
යන්ත්‍රයකින් , වෙබ් අඩවියකින් හෝ මෘදුකාංගයකින් ඔබ යමක් ඇතුලත් කල විටෙක ඉන් ප්‍රතිචාරයක් නොලැබුණු පමණින්ම කිසිවක් සිදු නොවූ බවට තීරණය කර නැවත නැවත කිරීම අවදානම්. යමක් වුනාට පසු නිවැරදි කිරීම සරල නැහැ වගේ අමතර පාඩුත් සිද්ධ වෙනවා. නැවත උත්සාහ කිරීමට පළමුව භාවිතා කල හැකි විකල්ප මාර්ග හරහා තහවුරු කර ගැනීම වඩා සුදුසුයි.
අනිත් අතට මේ වගේ දේ සිදුවිය හැකි යන්ත්‍ර හා මෘදුකාංග නිර්මාණ කරුවන් මෙවන් දේ සිදුවිය හැකි බව සිතීමත්, දැන සිටීමත්, ඒවාට පුර්ව පිළියම් යෙදීමත් ඉතා වැදගත්, ඒ වගේම වෘත්තීය වග කීමක්. බොහෝ විට ඒ පිළියම් සරල ඒවා.
අපි වගේ නොවෙයි ස්වභාව ධර්මය.හොඳම උදාහරණයක් තමා ස්වාභාවිකවම, ගැබ් ගැනීමට පසු ගැබ් කාලය තුළදීත් සමහර විට තවත් කාලයක් යන තෙක් (අපේ මහ වෙදනාගෙන් වැඩි විස්තර අහන්න) නැවත පිළිසිඳ නොගැනීම. නිවුන්නු ඇති වුනත් ඒ පිළිසිඳ ගැනීම් වලින් පසුව නැවත පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ. එහෙත් ඉතාම කලාතුරකින් ස්වභාව ධර්මයටත් වරදින්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් එකම මවට එකවර පියවරු දෙදෙනෙකුට දාව නිවුන්නු පිළිසිඳ ගැනීම වගේ දෙයක් (බෙදා ගෙන කෑමේ ප්‍රතිඵල)..

කරකෝල අත ඇරිය වගේ…
කතන්දර ලොක්කගෙං ඇහුවනං සමහරවිට හරියන වචනයක් හොයල දෙයි . . .
ප.ලි.
මටත් අන්තිමටම උනේ ඔබ්සර්වර් ලොක්කට වෙච්චි වැඩේමයි
කතාන්දරගෙන් අහලා බලන්නම්..
හොඳ ලිපියක්….
(
කෑදැත්තත් හොඳයි,
මට ඊමේල් එක ලැබුනා,
බොහොම ස්තූතියි.
අනේ මම ඒකට රිප්ලයි කරන්නම් කියල හිටියෙ,
ඒත් බැරි වුනානේ,
මගෙ අතින් වැරදිල ඩිලීට් වුනා
මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා,
දැන් බලන්නකෝ මගේ බ්ලොග් එක,
බොහොම සතුටුයි මේ පැත්තට ගොඩ වැදීම ගැන. ඇත්තටම විස්තර වගේම කොකටු ලින්කුවත් ගොඩක් වැදගත්.. මගේ දුප්පත් කැමරාවෙන් ඉදිරියටත් උත්සාහ කරනවා මෙවැනි දේ සටහන් කර ගන්න. මලයාගේ බ්ලොග් එකේ දැන් ඇඳුම හොඳයි.
ඒ මාර ගෑනියෙක්නෙ බයි ද වේ…
මේ ගෑනි කොහොම කරාද මංදා O.0
” උදාහරණයක් වශයෙන් එකම මවට එකවර පියවරු දෙදෙනෙකුට දාව නිවුන්නු පිළිසිඳ ගැනීම වගේ දෙයක් (බෙදා ගෙන කෑමේ ප්‍රතිඵල)..”
කරන හැටිනම් පැහැදිලියි.
.. ඒත් ඒ වගේ පිලි සිඳ ගැනීමකට තියෙන සම්භාවිතාව හිතා ගන්න අමාරුයි නේද ?
Firstly I dont think “Mulplicate” is a correct word. It should be Multiplicate. (multi-plicate).
Multi, just like in multi-barrel rockets means multiple, ie, many.
http://www.thefreedictionary.com/multiplicate
See the above link. However, the use of the word Mutiplicate is perhaps not universal. Perhaps you can say multiple copies instead of “in multiplicate”.
As for a Sinhala word for multiplicate, may I suggest using the prefix බහු.
-KK
ඩිම්බ සාමාන්‍යයෙන් එන්නෙ එකයි එකපාරට,
දෙකක් ආවම අසමාන නිවුන්නු ඇති වෙනවා.
ඒ බොහෝ විට එක තාත්තගෙන්.
මේ ගෑනිගෙ ඩිම්භ දෙකක් ඇවිත් මිනිස්සු දෙන්නෙකුත් ඇවිත් ඒවා සංසේචනය කරල,
සම්භාවිතාව හරිම අඩුයි තමා ඒත් වෙලා වැඩේ,
ශුක්‍රාණු හෙන තරඟයක් දීලා යන්නෙ මේකට.
ඒ නිසා ඩිම්බ දෙක කුඩා කාල පරතරයක් ඇතුව පිටවෙන්නැති කියල හිතෙනවා.
එතකොට එකක් සංසේචනය වෙලා ඒ ශුක්‍රාණු මැරුණම අනික් මිනිඅත් එක්ක ඉන්නැති.
එතකොට අනික් ඩිම්බෙත් ඇවිත්.
ඔය හා සමාන වැඩක් මටත් වෙලා තියෙනව ඉඳුනිල්. දවසක් නුවර යන ගමන් උදේම බියගම ATM එකක් ලඟ නවත්තලා උපරිම විත්ඩ්‍රෝවල් එකක් කලා. මෙන්න රිසිට් එකත් ආපි සල්ලි ආවෙ නෑ. තව පාරක් ට්‍රයි කලා ඔන්න ඒ පාර නම් සල්ලි ආව. යන්න හැරිලා ආයෙම ගිහින් බැලන්ස් එක බැලුවා. හරිනේ ප්‍රින්ට් වෙලා ඇවිත් තියෙන්නෙත් ඒ ගාන තමා. මෙන්න යකෝ දෙපාරක්ම ගාන අඩුවෙලා. කරුමෙට එදා නිවාඩු දවසක්. ATM පිටිපස්සෙ හිටිය සෙකියුරිටි බුවා එක්ක ඇවිත් කිව්ව ලියාගන්න මෙහෙම වැඩක් වුනා කියලා. ඊට පස්සෙ අපේ ගමන ගියා.
ආපහු ඇවිත් බැංකුවට ගිහින් කියලා, අර සෙකියුරිටි කාරයගෙ සාක්කියත් අරගෙන ලියුම් දීලා, මැනේජර්ලා ගාවට බඩ ගාලා, පැය ගානක් තැපගෙන ඉඳලා, හෙඩ් ඔෆීස් එකටත් දන්නලා, යකා නටලා තමයි ඔන්න වැඩේ ගොඩ දා ගත්තෙ. මම බැලන්ස් එක බැලුවෙ නැත්නම් හාන්චි පයිස් තමයි.
ඔන්න ඩුප්ලිකේට් එන්ට්‍රියෙ රඟ සොබාව.
ස්තුතියි පෝස්ට් එකට.
කිව්වම මතක් වුනේ. ඔය දේම මටත් වෙලා තියෙනවා..