සිංහල සංඛ්‍යා – Sinhalese numbers
1965 දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල විශ්ව පාඨ මාලාව වෙළුම් 2ක් අද මගේ අතට ලැබුණා. නිකමට වගේ එය පෙරලා බැලූවේ ඇතැම් විට අපේ භාෂා (බක) පණ්ඩිතයින් අලුතින් හදා එක් කළ වචන ඒවායේ තිබෙන නිසා. උදාහරණයක් හැටියට Universal Joint වෙනුවට “සර්ව ලෝක පූට්ටුව”,Cashier වෙනුවට “කාසි පාලක” වගේ පද හඳුන්වා දී තිබෙන්නේ ඒ උදවියම තමා.
දෙවන වෙළුමේ 48වැනි පිටුවේ මම යම කිසි විශේෂත්වයක් දැක්කා. ඊට හේතුව එහි විශාල ඉංග්‍රීසි සංඛ්‍යා වල සිංහල නාමයන් දක්වා තිබීම. කලින් කියූ විහිළු පද වගේ නෙමෙයි, මම හිතන්නේ මේවා අපිට නිවැරදියි කියලා පිළිගන්න වෙනවා.මොකද ඒවා නව නිර්මාණ නොව පැරණි වචන නිසා. අපේ වෙද මහත්තය ළඟ සමහර විට විස්තර තියෙන්න පුළුවන් සිංහල සංඛ්‍යා පද්ධතියේ විශාලම අගය කුමක්ද කියලා. මම අහලා තියෙන විදියට බටහිර සංඛ්‍යා පද්ධතියට අපේ සංඛ්‍යා පද්ධතියේ උපරිම අන්තයට කිට්ටු වෙන්නටවත් හැකියාවක් නැහැ. ඒත් හරියටම පැහැදිලි කරන්න ඒ විස්තර මගේ ළඟ නැහැ.
කොහොම වුනත් අද ඒ සොයාගත්ත සංඛ්‍යා මම පහත දක්වනවා. ඔබට පැහැදිලිවම පේනවා මේ ලැයිස්තුව සම්පූර්ණ එකක් නෙවෙයි කියලා. ඔබලා කවුරු හරි ළග සම්පූර්ණ සංඛ්‍යා පද්ධති විස්තර තියෙනවනම් ඒවා අපි සමග බෙදා ගන්න කියන ඉල්ලීමත් මේ සමග කරනවා.
Hundred Billion – ප්‍රකෝටිය
Hundred Decillion – දස ලක්ෂ විෂ්කම්භය
Hundred Million – දස කෝටිය
Hundred Nonillion – විෂ්කම්භය
Hundred Octillion – දස ඛම්බය
Hundred Quadrillion – ලක්ෂ කෝටි ප්‍රකෝටිය
Hundred Quintillion – දස දහස් නහුතය
Hundred Septillion – සිය හුතනහුතය
Hundred Sextillion – දහස නින්නහුතය
Hundred Thousand – ලක්‍ෂය
Hundred Thousand Billion – දහස් ප්‍රකෝටිය
Hundred Thousand Million – දස දහස් කෝටිය
Hundred Thousand Nonillion – දහස් විෂ්කම්භය
Hundred Thousand Octillion – දස දහස් ඛම්බය
Hundred Thousand Quadrillion – දසනහුතය
Hundred Thousand Quintillion – නින්නහුතය
Hundred Thousand Septillion – ලක්‍ෂ හුතනහුතය
Hundred Thousand Sextillion – දස ලක්‍ෂ නින්නහුතය
Hundred Thousand Trillion – දස කෝටි ප්‍රකෝටිය
Hundred Trillion – දස ලක්‍ෂ ප්‍රකෝටිය
Billion – ලක්‍ෂ කෝටිය
Million – දස ලක්‍ෂය
Octillion – දස ලක්‍ෂ හුතනහුතය
මෙහිදී මම සංඛ්‍යා අගයන් ඉලක්කම් වලින් ඇතුලත් කරන්න උත්සාහ කලේ නෑ, මොකද සිංහල කොහොම වුනත් ඔබ සියළු දෙනාට ඉංග්‍රීසි නාමය හරහා එය සොයාගන්නට පුළුවන් නිසා.
මෙයින් අපට ඉඟියක් ලැබෙනවා නහුතය කියන්නේ ඉලක්කමක් බව. ඒ වගේම තව දෙයක්, සිංහලෙන් මේවා ලිවීමේදී සැලකිලිමත් වෙන්න ඕනි. මොකද අකුරක වෙනසකින් අසභ්‍ය (වගේ) අර්ථයක් දෙන නිසා, බලන්න හුතනහුතය ගැන.
.
දැන් අපි බලමු නහුතයේ සංඛ්‍යාත්මක අගය සොයන්න.
Hundred Thousand Quadrillion කියන්නේ දසනහුතය.
Hundred Thousand Quadrillion ඉලක්කමෙන් ලියමු.
100000000000000000000
ඒ දසනහුතයනම් නහුතය ඉන් 10න් කොටසක් වෙන්න ඕනි.
ඒ කියන්නේ 10000000000000000000 , එහෙමත් නැත්නම් 1019 කියන්නේ නහුතය.
ඉතින් පොඩ්ඩක් හිතා බලන්න නහුතෙට කේන්ති යනවා කියන්නේ , ඒක මොන තරම් දරුණු වෙන්න ඕනිද ?
කලින් කිව්වා වගේ කවුරු හරි ළඟ විස්තර තියෙනවානම් අපේ සම්පූර්ණ සංඛ්‍යා පද්ධතිය එළි දක්වන්න.
෴෴෴
වෙනම ලිපියක් ඉදිරි පත් කරන්න කරුණ නැති නිසා මේ සමගම් සිංහල ඉලක්කම් වල ලැයිස්තුවකුත් ඇතුලත් කරනවා.
මේ තියෙන්නේ අපේ පැරණි සිංහල ඉලක්කම් .
|
1:
![]() |
2:
![]() |
3:
![]() |
4:
![]() |
5:
![]() |
|
6:
![]() |
7:
![]() |
8:
![]() |
9:
![]() |
10:
![]() |
|
20:
![]() |
30:
![]() |
40:
![]() |
50:
![]() |
60:
![]() |
|
70:
![]() |
80:
|
90:
|
100:
![]() |
1000:
![]() |
උපුටා ගැනීම : http://www.sinhala-online.com/sinhala-digits-number-page.html
ඉහත උපුටා ගැනීම මම කරපු, වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ රෝලන්ඩ් රුස්වර්ම් (Roland Russwurm) මහතා හා ශිරානි මහත්මිය. ඉහත ඉල්ලක්කම් වලට යොදාගත් අකුරු රටා නිර්මාණය කරලා තියෙන්නේ මයිකල් එවර්සන් Michael Everson ( www.evertype.com) මහතා.අපේ භාෂාව ගවේෂණය කරන , ඒ වෙනුවෙන් විවධ නිර්මාණ, කැප කිරීම් කරන, සේවා ලබා දෙන මේ වගේ විදේශිකයන්ට අපේ කෘතඥතා පූර්වක ස්තූතිය ලබා දෙන්න ඕනි. ඒ වගේම අපේ භාෂා විද්‍යාර්ථයින් මෙවැනි දේ වලට උනන්දු නොවීම කණගාටුදායකයි. http://www.sinhala-online.com/sinhala-digits-number-page.html හි අපේ ඉංග්‍රීසි ඉලක්කම් සිංහලට හැරවීමේ මෙවලමකුත් තියෙනවා.
෴෴෴




















අපෝ අය්යෙ මීට පස්සෙනම් මම ඔය නහුතෙ වචනය පාවිච්චි
කරන්නෙ නෑ. අද නෙව තේරුම දැන ගත්තෙ
තුති
ඉඳුනිල්,
ඉතාම වටිනවා. මම ඌන පූරනයක් කරන්නම්. ඔබ දන්නවද ඔතන සිංහලයා දැනන් හිටිය ඉතාම ඉහලම අගය තමයි අසංඛ්‍ය හෙවත් අනන්තය. මේකට තිබුනා බිංදු 21. ඔබ දන්නවා අසංඛ්‍ය හටරක් සහ තවත් අවුරුදු ලක්ෂයක් පෙරුම් පුරලා තමයි අපේ මහ ගෞතමයානණ් වහන්සේ බුදු බවට පත් වුනේ ඒ කියන්නේ අවුරුදු 4000000000000000100000 කින්. දැන් බලන්න මෙතරම් දුරට ගනින හැකියාව තිබුනු අපේ ඉලක්කම් වලට ගනිත ශාස්ත්‍රයට මොකද වුනේ. ලඟදීම මේ ගැන මමත් පොස්ට් එකක් දමනවා.
ජය!
වෙදගෙදර මහවෙදනා
නහුතය කියන්නෙ ඉලක්කමක්ද ? මම හිතුවෙ මොකක් හරි අසභ්‍ය වචනයක් කියලා. හොඳම වැඩේ කියන්නෙ අනන්තෙටයි නහුතෙටයි දෙකටම වැඩිය අපි දන්න ඇවගාඩිරෝ සංඛ්‍යාව ලොකුයිනෙ..එත්කොට සංඛ්‍යාවක් බින්දුවෙන් බෙදුවාම උත්තරය අනන්තයයි කියන යෙදුම වැරදිද ?
මට මොනව හරි වැරදුනාවත් ද ?
@ලකී : මම හිතන්නේ “අනන්තය” කියන පදය සිංහලේදී පරිමිත අති විශාල සංඛ්‍යාවකට භාවිතා කිරීමත් , පසු කාලීනව ඒ පදය ඉංග්‍රීසි “Infinity” යන අර්ථය වෙනුවෙන් භාවිතා කිරීමත් ඔය පැටලවීමට හේතුව වෙන්න ඇති. මම සමහර විට වැරදි ඇති. දන්නා කවුරු හරි පැහැදිලි කරනවානම් ලොකු දෙයක්
Indunil oya mehema wistarayak nokiyana, man hitan hitiye හුතනහුතය kiyanne asabya wachanayak kiyala
Honda uthsahayak!
ඔවු ඉතින් උඹ අසභ්‍ය වචන දන්නෙම නැහැනේ.
Ha Ha Ha
අප පාසල් යන කාලයේ “එකසිය ගානට කේන්ති යනවා” කියන එක නොගිනිය හෑකි තරම් කුඩා බව මේ ලිපිය කියවන විට මට තෙරුනා.
ඔබගේ බ්ලොග් කරණයට ජයම වේවා!
බොහොම ස්තූතියි මචං. උඹට ඒ දවස් වල එකසිය ගානට කේන්ති ගියා කියලා අදයි දැන ගත්තේ.
හ්ම්… මොකද නිශ්ශබ්ද???. අනිත් අයට comment දාල විතරක් ශේප් වෙන්නද හදන්නෙ ??
අපෝ නැහැ .
.. එකක් ටික ටික ලියාගෙන යනවා. වෙලාව මදි ප්‍රශ්නයක් තියෙන්නේ…
වැදගත් ලිපියක්.මෙතනදි හිතන්න ඕන දේ තමයි.. සාමාන්‍යයෙන් සංඛ්‍යා බිහිවෙන්නේ ප්‍රායෝගික භාවිතයට.එතකොට මෙතරම් විශාල සංඛ්‍යා ආදි සිංහලුන් භාවිතා කරලා තියනවා ඔවුන්ගේ වැඩකටයුතු සඳහා.මොනවද ඒ වැඩකටයුතු? එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ගණනය කිරීම් නම් වෙන්නට බැහැ.
පැහැදිලිවම ඔබත් එක්ක මම එකඟ වෙනවා. එහෙම දැනුමක් වැළලි ගොස් තිබීම කරුමයක්. තමන්ගේ දේවල් ඇත හැරීම අපේ සංස්කෘතියේ කොටසක්.
කෙල කෝටිය කියන එක කොහොම හැදුන දෙයක්ද? (එතන ‘කෙල’ කියා අදහස් වෙන දෙය). exact තේරුම මොකක්ද?
ඒ ගැන නම් මම දන්නේ නැහැ. සොයා බලා පැහැදිලි විස්තරයක් ලැබුනොත් කියන්නම්..