වෛද්‍ය ආචාර ධර්ම හා මාධ්‍ය සංදර්ශන

Source : http://www.lbl.gov/cyber/training/PII/dontdisclose.JPG

බරපතල ලෙස අපයෝජනයට ලක්වූ හපුතලේ ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු අසාධ්‍යව රෝහල් ගත කිරීමත්, පසුව මිය යාමත් අද එක් රුපවාහිනී නාලිකාවක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළමු ප්‍රවෘත්තිය විය. එහිදී එම දරුවා රෝහලට රැගෙන ආ මොහොතේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු පිරිසක් ගත් ප්‍රශංසනීය උත්සාහයද විකාශය විය.

එම ප්‍රවෘත්ති විකාශයට අනුව, දරුවා අපයෝජනය කර ඇත්තේ ඔහුගේම පියා යයි සැක කරන අතර කාලයක සිට ඒ අපයෝජන හා දරුණු වධ හිංසා කිරීම්ද සිදු වී ඇත. දරුවාගේ මව විදේශගතව සිටින්නීය.මේ එවැනි පළමු හෝ අවසාන සිදු වීම නොවන අතරම , මිනිසා මනුෂ්‍යත්වයේ සීමාවන් තුල රඳවා ගැනීමට කල යුතු දේත්, අපචාරීන්ට දෙන දඬුවම් ගැනත් වෙනමම කතා කල හැක.

ඒ ප්‍රවෘත්තිය අතර මැදදී, දරුවාගේ මෘත දේහය හා තුවාල අමුවේම ප්‍රදර්ශනය කෙරුණු අතර, කැමරාවට පෙනී සිටි එක් වෛද්‍යවරයෙකු දරුවා බරපතල ලිංගික අපයෝජනයකට ලක් වී ඇති මෙන්ම, ගුදය හා මුඛය ආශ්‍රිත තුවාල තිබු බවත් ප්‍රසිද්ධියේම කියා සිටියේය.

මා දන්නා තරමින් මාධ්‍යයේත්, ඒ වෛද්‍යවරයාගේත් හැසිරීම් ඔවුන්ගේ වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනිය. එම මාධ්‍ය ආයතනයනම් එවැනි හැසිරීම් වලට කොහොමත් ප්‍රසිද්ධය.නිවේදකයා ප්‍රවෘත්තිය කියවීමට හිත හදා ගත්තේ අමාරුවෙන් බවනම් කියවිණි.

දරුවා මිය ගියත්, ඔහුගේ පියා චුදිතයෙකු හා / හෝ වරද කරුවෙකු වුනත්, මව විදේශගත වුවත්, සමහර විට ඔවුන්ට අමතරව පවුලේ වෙනත් සාමාජිකයෙක් නොසිටිය හැකි වුනත් අර වෛද්‍යවරයාට ජනමාධ්‍යයක් ඉදිරියේ රෝගියෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීමට නෛතික, වෘත්තීය හෝ සදාචාරවත් අයිතියක් තිබේද? යම් ප්‍රකාශයක් කිරීමට ඉහල නිලධාරීන්ගෙන් අවසර ගත යුතුනම්, එසේ අවසර ගත්තානම්, නොකිව යුතු දෙයක් කියවුනේනම් ඒ ගැන සොයා බලන්නේ කවුරුන්ද?

ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වුනු අවස්ථාවේදී, එකදු මල සිරුරක් හෝ ජනමාධ්‍ය වල පළ නොවුණු බව ප්‍රකට කාරණයකි.

මීට සති කිහිපයකට පෙර ලංකාවේම, එක් තරුණයෙකුගේ යම් අවයවයක් යම් දෙයක් තුලට ඇතුළුව රෝහල්ගත කර තිබුණි. ජනමාධ්‍ය වල කියවුනේ යම් මැර පිරිසක් යම් තරුණයකුට පහර දී , පෙර කී පීඩාවට ඔහු ලක් කර ඇති බවයි. සැබවින්ම ඒ රෝගියා කී දෙයයි. නමුත් ඔහු පරීක්ෂා කල විට ශරීරයේ, කිසිඳු පහර දීමක සලකුණු නොතිබුණ අතර ඉන් වෛද්‍යවරුන්ට නිගමනය කල හැකි වුනේ, රෝගියා පවසන්නේ සත්‍යය නොවන බවත්, ඔහු විසින්ම කරන්නට යෙදුණු ක්‍රියාවකින් ඔහු පීඩාවට පත් වුනු බවත්ය. නමුත් එම කරුණ ජනමාධ්‍ය වලට නිදහස් නොකිරීමට ඔවුහු වග බලා ගත්හ. (මා මේ ගැන දන්නේ අදාළ රෝහලේ මා පෞද්ගලිකව හඳුනන වෛද්‍යවරු කිහිප දෙනෙක්ම සිටින නිසාත් පුද්ගලික කතාවකදී ඒ ගැන කියවුණු නිසාත්ය.මා එය මෙතන සදහන් කලේ එය හොඳ උදාහරණයක් නිසාවෙනි.)

අතක් අහිමි හිටපු රියදුරුට උදවු කිරීමේ හැකියාව විමසමින්, මම ආබාධිතයන් වෙනුවෙන් කටයුතු කරන NGO කිහිපයකින්ම ඉල්ලීම් කල අතර ඒ සැමගේ ඔහුගේත්, ආබාධිත පුතාගේත් ඡායාරූපද ඔවුන් වෙත යැවීමි. එම ඡායාරූප මම ලබා ගත්තේ ඔවුන් ගැන ප්‍රවෘත්ති වෙබ් අඩවි වල පළවුණු ලිපි වලිනි.එක් අන්තර්ජාතික ආයතනයකින් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ප්‍රතිපාදන ලබන ආයතන ගැන විස්තර ඒවා තිබුණු අතර, මා අදාළ පුද්ගලයින්ගෙන් අවසර නොගෙන ඔවුන්ගේ ඡායාරූප විද්‍යුත් තැපෑලට යොමු කිරීම සුදුසු නොවන බවත් කියා තිබුණි.

මා සේවය කරන ආයතනයෙන් ඇමෙරිකාවේ වෛද්‍යවරුන්ට විවිධ මෘදුකාංග හා වෙබ් අඩවි සම්බන්ධ සේවා සපයන අතර ඒ ආශ්‍රිත කටයුතු වලදී අපගේ සෑම නිර්මාණයක්ම HIPAA (Health Insurance Portability and Accountability Act) අනුකූලව සිදු කල යුතුව ඇත.එනම් වෛද්‍ය ආචාර ධර්ම ලැයිස්තුවක් පවත්වා ගැනීම එපිටින් සංවේදී සෞඛ්‍ය තොරතුරු ආරක්ෂා කිරීමේ ක්‍රමවේද ගැන පවා ඇමෙරිකානුවන් සිතන බවයි. මා දන්නේ ඇමෙරිකානු පනත ගැන පමණක් වුවත්, වෙනත් රටවල් බොහොමයකත් එවැනි දේ තිබෙනවා වෙන්නට පුළුවන්.

අවසානයේ කී උදාහරණ වලින්, කවරෙකුගේ හෝ සංවේදී තොරතුරු ප්‍රසිද්ධ නොකර සිටීමේ වග කීම පැහැදිලිය.

No Comments Posted in Uncategorized
ස්තුතියි පොලිස්පතිතුමනි.
ජීවනෝපාය අහිමි වුනු ආබාධිත රියදුරු බර්නාඩ් විජේසිරි මහතා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර සොයා ගැනීමට කල උත්සාහය මේ වන විට සාර්ථක වී ඇත.

මේ ගැන මා ලියු ලිපියට මහ වෙදනා විසින් එක් කල කමෙන්ටුව කියවීමෙන් පසුව මා මේ සදහා පොලීසියේ සහය ලබා ගැනීමට උත්සාහ කලෙමි.

පළමු ප්‍රතිචාරය කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තුමන්ගෙන් ලැබුණු අතර එතුමා, මගේ ඉල්ලීම පොලිස්පතිතුමන් වෙත යොමු කරන ලෙස උපදෙස් දුන්නේය.
ඒ අනුව , පොලිස්පතිතුමන් වෙත කල ඉල්ලීමට දිනයක් ඇතුලත, බර්නාඩ් මහතාගේ සියලු තොරතුරු ලබා දීමට එතුමා ක්‍රියා කළේය.

කොටින්ම දින දෙකක් ඇතුලත අවශ්‍ය තොරතුරු සොයා දීමට අපේ පොලීසිය ක්‍රියා කළේය.ඒ කිසිඳු පුද්ගලික දැන හැඳුනුම් කමකින් තොරවය. පොලීසිය හා සියලු සන්නිවේදනයන් සිදු වුයේ විද්‍යුත් තැපෑල හරහාය.

පොලීසියෙන් ඒ ලැබුණු ප්‍රතිචාරයෙන් මා ඇත්තටම විශ්මයට පත් වූවෙමි.

පොලීසියේ ඉහලම නිලධාරීන් මෙලෙස ප්‍රශංසනීය ලෙස කටයුතු කරන්නේනම් සෙස්සන්ට ඔවුන්ගෙන් ඉගෙන ගත යුතු දෑ බොහොමයි. පොලිස්පති තුමාටත්, නියෝජ්‍ය පොලිස්පති තුමාටත් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

මීට අමතරව මේ සඳහා විවිධාකාරයෙන් සහාය වුනු මහ වෙදනාටත්, දිරි ගැන්වූ සෙසු සියළු දෙනාටත් ස්තුතිවන්ත වෙමි.

බර්නාඩ් මහතා පිලිබඳ විස්තර ආබාධිතයින් සදහා පිහිට වන CCoDP ආයතනයට යොමු කර ඇති අතර, ඔවුන් හැකි උපරිමයෙන් ඔහුට පිහිට වේයැයි බලාපොරොත්තු වෙමි. වෙනත් එවැනි ආයතනද, මේ ගැන ප්‍රවෘත්ති පල කල මාධ්‍ය ආයතනද මෙන් ප්‍රතිචාර නොදක්වා නොසිට , මේ ගැන උනන්දු වීම ගැන මම ඔවුනටද ස්තුතිවන්ත වෙමි.

7 Comments Posted in Uncategorized
ආබාධිත රියදුරු සොයා දෙන්න
අපේ මහ වෙදනා විසින් පළ කල “සිතා බලන්න” යන ලිපියේත් , ගොසිප්ලංකානිවුස්හි මේ ලිපියේත් අතක් අහිමි රියදුරෙකුගේ ජීවනෝපාය නීත්‍යානුකුලව අඩාල වුනු ආකාරය ගැන කියවුනා.

Source : http://www.gossiplankanews.com

මේ පිළිබඳව මා ආබාධිතයින්ට පිහිට වන ආයතන කිහිපයකට දැනුම් දී විමසා සිටියා , “ඒ පුද්ගලයාට ඔවුන්ට කල හැකි යම් දෙයක් වේද ? ” යන්න.

මේ වන විට ඉන් එක්‌ ආයතනයකින් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ඔවුන් මගෙන් ඉල්ලා සිටියා හැකිනම් ඒ පුද්ගලයා සම්බන්ධ කර දෙන ලෙස.

ගොසිප්ලංකානිවුස් හි පළවුණු පරිදි ඔහු, කොටුගොඩ පදිංචි කරුවෙක්. කුරුඳුවත්ත පොලීසියේද මොහු ගැන තොරතුරු තිබිය යුතුය.

මේ කියවන ඔබ කවුරුන් හට හෝ මේ පුද්ගලයා සම්බන්ධ කරගත හැකි තොරතුරු සොයා දිය හැකිනම් , බොහෝ විට ඒ පුද්ගලයාට නව ජීවනෝපායක් සකස් කර දීමට බොහෝ උපකාරී වේවි.

මේ වන විට අදාළ තොරතුරු ලැබී ඇත. ඔබගේ අවධානයට ස්තුතියි.

4 Comments Posted in Uncategorized
මුඛ සංසර්ගය – Oral Sex
මෙහි ලාබාලයින්ට දැන ගැනීම නුසුදුසුයැයි “සම්මත” දර්ශන ඇතුලත් වන බැවින් කරුණාකර ඔබ වැඩිහිටියෙකු බව සහතික කරන්න.

  

18 Comments Posted in Uncategorized
කමෙන්ට් ෆොන්ට් සයිස් වෙනස් කර ගැනීම – II කොටස
මුල් කොටසෙන් මම සඳහන් කලේ, අපට අවශ්‍ය පරිදි කමෙන්ට් වල අකුරු ප්‍රමාණ වෙනස් කිරීමට දැන ගත යුතු හා ප්‍රයෝජනවත් දේවල් කිහිපයක් ගැන.

මෙතනදී අකුරු කුඩා වීමේ ප්‍රශ්නය ඇති වුනේ, බ්ලොගර් විසින් කමෙන්ටු වල අකුරු අඩංගු HTML <blockquote> කොටසට අදාළ CSS class ඒක, එනම් comment-content සඳහා අකුරු ප්‍රමාණය 13px වලට සීමා කිරීම.

අපට මෙය බ්ලොග් ටෙම්ප්ලේටයේ HTML එඩිට් කර, විශේෂිත CSS උපදෙසක් ඇතුලත් කිරීම මගින් , අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට පුළුවන්. ඒ සඳහා වන ක්‍රියා පිළිවෙල පහත පරිදි යොදා ගන්නට පුලුවන්.

මෙහි බ්ලොගර් ටෙම්ප්ලේටයේ කේත (Code) වෙනස් කිරීමක් ගැන උපදෙස් සඳහන් අතර, ඔබ එවැන්නක් කරයිනම් එය ප්‍රවේශමෙන් කරන්න. නොදැන කරන අත් වැරද්දක් ඔබගේ බ්ලොග් පිටු වල පෙනුමට ලොකු වෙනසක් ඇති කරන්නට පුළුවන්. හරි හැටි කලොත් හානියක් නැහැ.

1. බ්ලොගර්හි ටෙම්ප්ලේට් ඩිසයින් පිටුවට (ඇඩ්මින් පිටුවට) ගොස් පහත දැක්වෙන [Edit HTML] බොත්තම ක්ලික් කරන්න.

2. ඊ ලඟට ඔබට පහත පණිවුඩය දිස් වී, HTML එඩිට් කිරීමේ අවශ්‍යතාව තහවුරු කිරීමට,[Proceed] බොත්තම ක්ලික් කරන්න.

Directly editing HTML may affect the way some features work and is only recommended for advanced users. Editing template HTML may unpredictably affect other Blogger features. We recommend using the Template Designer first, where you can Add CSS under the Advanced section.

එම පණිවුඩයේ කියවෙන ආකාරයටම, කෙලින්ම HTML එඩිට් කිරීමේදී ප්‍රවේසම් වීම වඩාත් සුදුසුයි.

3. ඊළඟට ඔබට ටෙම්ප්ලේටයේ HTML වෙනස් කරගත හැකි පහත රුපයේ දැක්වෙන එඩිටරය ඉන් පසුව ඔබට දිස් වේවි.පහත රූපයේ රතු කොටුවකින් වෙන් කර දක්වා ඇති CSS කේත කොටස බලන්න. ඒ මම එකතු කල කොටස.ටෙම්ප්ලේටයේ CSS කේත අතරට මෙලෙස ඔබට අවශ්‍ය CSS උපදෙස් ඇතුලත් කිරීමට පුළුවන්.


පහත දැක්වෙන්නේ ඒ කේත කොටස. අවශ්‍යනම් ඔබට කොපි කර ගැනීමටත් පුළුවන්. තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නත් පුළුවන්.

මෙතන !important යන්නෙන් කියවෙන්නේ අනිකුත් මීට අදාළ CSS උපදෙස් අභිබවා මෙය බලාත්මක කරන ලෙසටයි. සාමාන්‍යයෙන් මෙය අත්‍යාවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් බ්ලොගර් කමෙන්ට් අකුරු කුඩා වීමේ සිද්ධියේදී බ්ලොගර් විසින් බලාත්මක කර ඇති අකුරු ප්‍රමාණයන් අපේ ටෙම්ප්ලේට වල සඳහන් උපදෙස් අභිබවා ක්‍රියාත්මක වෙනවා. අප !important යන්න අප විසින් එකතු කරන CSS උපදෙසකට එක් කරන්නේනම් එය බොහෝ විට අදාළ වෙනත් උපදෙස් අභිබවා ක්‍රියාත්මක වේවි. වඩාත් හොදින් !important ගැන දැන ගැනීමට http://webdesign.about.com/od/css/f/blcssfaqimportn.htm වෙත යන්න.

සාමාන්‍යයෙන් තනි CSS උපදෙසක් යෙදීමේදී අවසානයට සෙමි-කෝලන් එකක් එකතු කරනවා.

font-size:20px;

නමුත් !important යෙදීමේදී සෙමි-කෝලන් එකට පෙර එය යෙදිය යුතු මෙන්ම, ඒ හා CSS උපදෙස අතර හිස් තැනක්‌ (a space) තිබිය යුතුයි.

font-size:20px !important;

4. අවසානයේ [Save Template] බොත්තම ක්ලික් කරන්න.

5. ඔබේ බ්ලොග් අඩවියට ගොස් අළුත් වෙනස් කම් ක්‍රියාත්මක දැයි බලන්න. බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය නොලැබුනහොත් එකතු කල CSS උපදෙස් වෙනස් කර බලන්න.


බ්ලොගර් සෙටින්ස් මත හා ඔබ කර ඇති වෙනස් කම් අනුව ඔබගේ බ්ලොග් අඩවි ඩිසයින් (ඇඩ්මින්) පිටුව මෙහි කියවෙනවාට වෙනස් අයුරකින් තිබෙන්නට පුළුවන්. කොහොම වුනත් තිරයේ දිස් වන දේ හොඳින් කියවා තේරුම ගෙන ඉන් පසුව කරන්නක් කරන්න.

4 Comments Posted in Uncategorized
කමෙන්ට් ෆොන්ට් සයිස් වෙනස් කර ගැනීම – I කොටස
බ්ලොගර්ලා විසින් ළඟදී කල වෙනස් කම් නිසා, ඇතැම් බ්ලොග් වල කමෙන්ට් වල අකුරු ප්‍රමාණය අඩු වීම සිදු වී තිබෙනවා. මේ පිළිබඳව වඩාත්ම දුක් වූ කෙනෙක් වුනේ අපේ ඔබා මාමා. ඔබා මාමා මේ ගැන කොපමණ දුක් වුනාද කියන එක හොඳින්ම පැහැදිලි වෙන්නේ සුපුරුදු පරිදි කමෙන්ට් වලට පිළිතුරු බැදීමට ඔහුට හිත හදා ගන්නට නොහැකි වුනු නිසා. :D

මගේ බ්ලොග් අඩවිය බ්ලොග්ස්පොට් හි පිහිටවූ එකක් නොවන බැවින්, ඉහත ගැටළුව පරීක්ෂා කර බැලීමට හා විසඳුම් අත් හදා බැලීමට මම ඔබා මාමාගෙන් අවස්ථාවක් ඉල්ලු අතර ඔහු නොපැකිලව ඊට සහයෝගය ලබා දුන්නා. දෝෂයට හේතුව මුලින්ම හඳුනා ගත්තත්, එය පිහිටි ස්ථානය අපැහැදිලියි. හේතුව බ්ලොගර් විසින් සාමාජිකයින්ට විවෘත නොවන ස්ථානයක සිතා මතා :?: හෝ අත් වැරදීමකින් කමෙන්ට් වල අකුරු ප්‍රමාණය ස්ථීරව සටහන් කිරීම. පිහිටි ස්ථානයේ ප්‍රභලතාව මත සාමාජිකයින් විසින් සිදු කරන හෝ, ටෙම්ප්ලේට වල සටහන් වී ඇති අකුරු ප්‍රමාණ අබිබවා බ්ලොගර්ගේ අකුරු ප්‍රමාණය ආදේශ වීමක් සිදු වන බව මම අනුමාන කරනවා. ඒ අනුමාන කිරීමට හේතුව මේ ලිපියේ පසුව දැක්වෙනවා.

මෙහි රෝග පරීක්ෂාවට හා ප්‍රතිකාර කිරීමට, CSS හා ගුගල් ක්‍රෝම් බ්‍රව්සරයේ විශේෂ භාවිතයක් දැන ගැනීමට අවශ්‍යයි වගේම ඉදිරි අවශ්‍යතා සඳහා වුනත් ඒවා දැන ගැනීම වැදගත් වේවි. එබැවින් මේ ලිපිය වෙන් වන්නේ ඒවා හැඬුවා දීමට වන අතර, රෝග ප්‍රතිකාර ක්‍රමය ඊ ළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

CSS හැඳින්වීම
අත්හදා බැලීම් කිහිපයකට පස්සේ අපේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලැබුනා. ඒ බ්ලොග් ටෙම්ප්ලේට කේතයට (Code) විශේෂිත CSS කේත කොටසක් එක් කිරීම මගින්. (CSS ගැන අවබෝධයක් තිබීම ඔබේ බ්ලොග් ටෙම්ප්ලේටය අවශ්‍ය පරිදි වෙනස්කම් කර ගැනීමට උපකාරී වෙන්න පුළුවන්.http://www.w3schools.com/css/css_intro.asp හිදී ඔබට CSS පිලිබඳ මුලික අවබෝධයක් ලබා ගත හැකියි. . නමුත් ඊට HTML ගැනත් තරමක් දුරට වැටහීමක් තිබීම අවශයි.මුලික HTML ඉගෙන ගැනීමට අවශ්‍යනම්, http://www.w3schools.com/html/default.asp ඔබට ඒ සඳහා භාවිතා කල හැකියි. HTMLවලින් තොරව CSS වලට පැවැත්මක් නැත්තේ CSS යොදා ගන්නේ වෙබ් පිටු වල අඩංගු කරන HTML කොටස් හැඩ ගැන්වීම (formatting) වෙනුවෙන් නිසා.

CSS අපිට තනි HTML කොටස් වලට යොදා ගන්නට පුළුවන්. පහත උදාහරණය බලමු.

මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.

මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල.

මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.

අපි මේ ඡේද දෙක HTML අනුසාරයෙන් ලියමු.

<p>මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.</p><p>මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල</p.><p>මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.</p.>

HTML භාෂාවෙන් <p> යනු ඡේදයක ආරම්භය.</p.> යනු ඡේදයක අවසානයයි. දැන් අපට පළමු ඡේදයේ අකුරු ප්‍රමාණය 18 , පසුබිම් වර්ණය කළු හා අකුරු වර්ණය සුදු ලෙස වෙනස් කර ගැනීමට අවශ්‍යනම් පහත පරිදි CSS යොදා ගන්නට පුළුවන්.

<p style="font-size:18px;color:white;background-color:black;">මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.</p><p>මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල</p.><p>මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.</p.>

ප්‍රතිඵලය පහත පරිදි,

මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.

මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල

මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.

දැන් අපි හිතමු අපට මේ වෙනසම තෙවන ඡේදය ඇතුලත් වුනොත් පළමු ඡේදයේ ක්‍රමයම අනුගමනය කරන්න පුළුවන්. ඒත් නැවත නැවතත් එම වෙනසම ඊ ළඟ ඡේද වලටත් කල යුතු නම්, පළමු ක්‍රමය වදයක් වෙනවා. ඊට විසඳුම CSS Claases යොදා ගැනීම.එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ හෝ ඕනෑම HTML කොටස් සමුහයකට එකවර පොදු CSS දීමකට Classes භාවිතා කරන්නට පුලවන්. මෙහිදී අපේ උදාහරණයට ගැනෙන්නේ එකම වර්ගයේ එනම් <p> කොටස් දෙකක් (පළමු හා තෙවන ඡේදය).

CSS class එකක් ඇතුලත් කල යුත්තේ <style> නම් විශේෂිත HTML කොටසක් තුල. ඒ වගේම CSS Class එකට නමක් අවශ්‍යයි, <style> කොටස ඇතුලේ නම සඳහන් කරන අතර, පසුව අදාළ HTML කොටස් වලද එම නම සටහන් කරනවා. පහත උදාහරණය බලන්න.

<style>
p.blackNwhite{
font-size:18px;
color:white;
background-color:black;
}
</style>
<p class="blackNwhite" >මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.</p><p>මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල</p.><p class=”blackNwhite” >මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.</p.>

ප්‍රතිපලය ,

මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.

මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල

මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන.

බ්ලොගර් කමෙන්ට් ගත්තොත් (පරීක්ෂා කල බ්ලොග් අඩවි වල), කමෙන්ටු අන්තර්ගත වන්නේ HTML </blockquote> කොටස් තුල. </blockquote>< යොදා ගන්නේ යම් දීර්ඝ උදෘතයක් යෙදීමට අවශ්‍ය විට.බ්ලොගේර් කමෙන්ටු වල අකුරු අඩංගු </blockquote>< හි CSS class එක වන්නේ “comment-content”. එම class එකෙහි අකුරු ප්‍රමාණය බ්ලොගර් විසින් 13ට සීමා කර තිබෙනවා.

.comments .comments-content {
font-size: 13px;
}

සාමාන්‍ය විසඳුම
බ්ලොගර් ඇඩ්මින් හිදී ටෙම්ප්ලේට් HTML එඩිට් කර ගත හැකි ස්ථානයට (මතු දැක්වෙන) ගොස් ඉහත font-size අගය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කර සේවු කිරීම. නමුත් එතැන මේ CSS කේතය හමු වුනේ නැහැ. ඒ කියන්නේ මෙය බලපෑම් කරන්නේ ටෙම්ප්ලේටයට පිටතින්.

පිළිගත් සම්මුතීන් අනුව, මෙවැනි අවස්තාවකදී අපට අළුතින් CSS කේතයක් එකතු කල හැකියි, නමුත් එකම දෙය වෙනුවෙන් එකම CSS යෙදුම වෙනස් අයුරින් (font-size:13px; හා font-size:18px;)යොදා ඇතිනම්, ඒ යෙදු ස්ථානය හා යොදා ඇති අනුපිලිවෙල මත බ්‍රවුසරය විසින් ඉන් එකක් තෝරාගෙන ඉතිරිවා නිශේධනය කෙරෙනවා.

මෙතනදී අපි අළුතින් කොපමණ CSS යෙදුම් ඇතුලත් කලත්, ඒවා බ්‍රවුසර මගින් නිශේදනය වී බ්ලොගර්ගේ font-size:13px ආදේශ කිරීම සිදුවන නිසා අපට අවශ්‍ය වෙනස සිදුවන්නේ නැහැ.

රෝග පරීක්ෂාව
කලින් කියු පරිදි මේ සඳහා යොදා ගත්තේ ගුගල් ක්‍රෝම් බ්‍රවුසරය.එහි තියෙන “Inspect Element” පහසුකම හරහා අපට ඕනෑම වෙබ් පිටුවක, ඕනෑම HTML කොටසක CSS පරීක්ෂා කිරීමට හා අත් හදා බැලීමට පුළුවන්.

1. අදාළ වෙබ් පිටු කොටස, මෙතනදී කමෙන්ටුව මත රයිට් ක්ලික් කර, ලැබෙන මෙනුවෙන් “Inspect Element” යන්න තෝරන්න.

2. එවිට බ්‍රවුසර වින්ඩෝවේ පහලින්, අමතර පැනලයක් දිස් වෙන අතර, එහි ඔබට කෙලින්ම දිස් වන්නේ, “Elements” පැනලය. අපට මෙතනදී අදාළ වෙන්නෙත් එය.Elements පැනලයේ උප කොටස් දෙකක් තිබෙනවා. පහත ඔබ දකින පින්තුරයේ A යනුවෙන් නම් කල කොටසේ මුලික වශයෙන් අදාළ වෙබ් පිටුවේ HTML සමස්තය පරීක්ෂා කරන්නට පුළුවන්.එහි එක් වරකට ඔබට එක් HTML කොටසක් තේරිය හැක. ඔබ මුලින් රයිට් ක්ලික් කල HTML කොටස ඉබේම A හි තේරී පවතිනු ඇත.

B කොටසේ දිස්වන්නේ A කොටසේ ඒ වන විට තෝරා ඇති HTML කොටසේ CSS යෙදුම් ලයිස්තුවයි.

Elements පැනලයේ උප කොටස් දෙක වෙන් වෙන්ව පහත දැක්වෙනවා.


ඉහත රුපයේ දැක්වෙන පරිදි තේරී ඇති (selected) </blockquote>< කොටසේ CSS class eka, “comment-content” බව පැහැදිලියි.

3. A, B කොටස් දෙක හරහාම අපට අවශ්‍ය පරීක්ෂා / පරීක්ෂණ කිරීම් සිදුකරන්න පුළුවන්. නමුත් මෙහිදී දැනට A කොටසට අත නොතබන්න..

4. B කොටසේ ස්ක්‍රෝල් බාර් එකද ආධාර කරගෙන එහි දිස් වෙන CSS Style යෙදුම් එකින් එක බලන්න, “comment-content” වෙනුවෙන් ඇති font-size යෙදුම හමු වන තුරු.

5. ඉහත රුපයේ ද දිස්වෙන පරිදි ඔබට “comment-content” වෙනුවෙන් ඇති font-size යෙදුමට අමතරව දකුණු පසට වන්නට චෙක් බොක්ස් (මනාප කොටුවක්) දිස් වේවි (ඒ සඳහා ආසන්නයට මවුස් පොයින්ටරය රැගෙන යන්න.)

6. කලින් කී මනාප කොටුව මත ක්ලික් කර, එහි ඇති තේරීම ඉවත් කරන්න (Uncheck / Deselect). එයින් ඔබට අදාළ CSS යෙදුම නොමැති විට, වෙබ් පිටුව දිස් වන ආකාරය බලා ගන්නට පුළුවන්. මෙහිදී ඔබට පැහැදිලි වේවි, font-size: 13px; ඉවත් කල විට කමෙන්ට් අකුරු සාමාන්‍ය තත්වයට පත් වන බව. එනම් දෝෂය ඇත්තේ එතැනයි.

7. font-size: 13px; හි 13px මත ඩබල් ක්ලික් කර, අකුරු ප්‍රමාණය ඔබට අඩු වැඩි වශයෙන් එතැන සටහන් කර බලන්න.px (වෙනත් ඒකකද අත) යන්න සංඛ්‍යාවට පසුව තිබිය යුතු බව මතක තබා ගන්න.

ඉහත 6 හෝ 7න් ඔබගේ බ්ලොග් ටෙම්ප්ලේටයට කිසිඳු වෙනසක් සිදු නොවන අතර සිදු වන්නේ තාවකාලික ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින් ඔබට දර්ශනය වන දේ වෙනස් කිරීම පමණයි.

ලිපිය දිග වැඩි වන නිසා මෙතනින් නවතින්නම්. ඊ ළඟ කොටස ප්‍රතිකාර ක්‍රමය ගැනයි.

17 Comments Posted in Uncategorized
ලෝක විනාශයට පසු
ලෝක විනාශයට පසු

අනුග්‍රහය : Kristoffer Gildenlöw @ http://tinyurl.com/7g77yr3

5 Comments Posted in Uncategorized
Ignore this…

Ignore this….

6 Comments Posted in Uncategorized
මල්පිකේට් එන්ට්‍රීස් – Mulpicate Entries

Source : http://tinyurl.com/d7zbhy5

මුලින්ම කීමට අවශ්‍යයි මල්පිකේට් කියන වචනය මම යොදා ගන්නේ, ඊට ගැලපෙන ඉංගිරිසි වචනයක් නොදන්නා නිසා බව.සිංහල වචනයක් ගැනත් නෝ අයිඩියා. කවුරු හරි එවැනි වචනයක් ගැන දන්නවානම් ඒ ගැන කියන්න. 

ඩුප්ලිකේට් යන්න හැමෝම දන්නවා.. පිටපත් දෙකයි.
Triplicate ට්‍රිප්ලිකේට් – පිටපත් තුනයි..
Quadruplicate ක්වොඩ්‍රප්ලිකේට් – පිටපත් හතරයි

තවත් කිහිපයක් ගැන ජාලෙන් හොයා ගත්තා..

quintuplicate – ක්වින්ටප්ලිකේට් – පිටපත් පහයි.
sextuplicate – සේක්ස්ටප්ලිකේට් – පිටපත් හයයි
septuplicate – සෙප්ටප්ලිකෙට් – පිටපත් හතයි
octuplicate – ඔක්ටප්ලිකේට් – පිටපත් අටයි
nonuplicate – නොන්ටප්ලිකේට් – පිටපත් නවයයි
decuplicate – ඩෙකප්ලිකේට් – පිටපත් දහයයි

සමහර විට මීට වඩා වැඩි පිටපත් ගණන් තවත් වචන ඇති. සොයා ගන්නට ලැබුනේ මෙපමණයි.

ව්‍යාකරණානුකුලව කලින් ලියා ඇති ඉංග්‍රීසි-සිංහල වචන100%ක් නොගැලපෙන බවත් සලකන්න. Duplet, Triplet , Quadruplet, Quintuplet , Sextuplet , Septuplet, Octuplet, Nonuplet , decuplet යනාදී වශයෙනුත් භාවිතා කරන්නට පුළුවන්. කොහොම වුනත් සරලවම 3 Copies, 5 Copies, 10 copies ලෙස භාවිතා කිරීම පහසුයි වගේම වැඩි දෙනෙකුට වැටහේවි.

පිටපත් එකකට වැඩි ඕනෑම සංඛ්‍යාවක් හඳුන්වන වචනයක් නොදන්නා නිසයි මම මල්පිකේට් යන්න භාවිතා කලේ.. පොදු වචනයක්..

මට හදිසියේ මේ ගැන හිතුනේත්, ලියුවේත් ඊයේ අත් විඳි සිදුවීමක් නිසා.

සුපුරුදු පරිද්දෙන්ම මම ඊයේ රක්ෂණ වාරිකයක් ගෙවන්න ෆුඩ් සිටියට ගියා. කලින් කිසිම ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඇත්තටම රක්ෂණ ආයතනයට ඒ වෙනුවෙන්ම යාම වෙනුව ෆුඩ් සිටියෙන් ගෙවීම පහසුයි. ගෙවීම ඒ මොහොතේම ආයතන දෙක අතර ස්වයංක්‍රීයවම හුවමාරු වීමත් සිදු වනවා. නමුත් ඊයේ ගෙවීම යන්ත්‍රයට ඇතුලත් කල විට යම් කිසි තාක්ෂණික දෝෂයක් නිසා රිසිට් පත මුද්‍රණය වුනේ නැහැ වගේම ගනුදෙනුව සාර්ථක බවට සුපුරුදු සටහන තිරයේ පෙන්වුවෙත් නැහැ. කැෂියර් (කලින් අපේ බක පණ්ඩිතයින් මේ වෙනුවෙන් නිර්මාණය කර තිබු සිංහල පාරිභාෂික පදය වුනේ “කාසි පාලක” යන්න) සහෝදරිය නැවතත් ගෙවීම් සටහන් කිරීමට යන විට මම ඇත්තටම කියා සිටියා ඩුප්ලිකේට් විය හැකි බව. එවිට ඇය “එහෙම වුනොත් පාඩු අපිටනේ” කියමින් නැවතත් ගනුදෙනුව සටහන් කළා.එවිටත් යන්ත්‍රයේ ප්‍රතිචාරය පෙර පරිදිමයි. ඉන් පසු ඇය තවත් කැෂියර් සහෝදරියකට කතා කළා.ඇයත් තවත් වතාවක් ගනුදෙනුව සටහන් කළා. වෙනසක් වුනේ නැහැ. ඉන් පසුව ප්‍රධාන පරිගණකය පරීක්ෂා කර බැලු ඔවුන්ට දැන ගත හැකි වුනේ, රක්ෂණ ගෙවීම තෙවරක් සිදු වී ඇති බව.රක්ෂණ ආයතනයෙන්ද මා විමසා බැලු අතර ඔවුන් කීවේ මම මාර්තු මාසය වෙන තෙක් වාරික ගෙවා ඇති බව..

කොහොම හරි ගැටළුව ඒ ආයතන දෙක මැදිහත්ව විසඳා ගනීවි. උවමනා වුනොත් මගේ සහයත් ලබා දෙනවා. :)

පරිගණක හා දත්ත සම්ප්‍රේෂණයට අදාළ වෙනත් යන්ත්‍ර හා මෘදුකාංග මගින් මෙවැනි දේ වීමට ඇති හැකියාව බොහොමයි. ඔබ විද්‍යුත් වාණිජ්‍ය පහසුකම් භාවිතා කර පුරුදුනම් සමහර විට දැක ඇති,සමහර වෙබ් අඩවි වල ක්‍රෙඩිට් කාඩ් අංකය ඇතුළු තොරතුරු ඇතුලත් කර දත්ත යැවීමට අදාළ බොත්තම ක්ලික් කල සැනින් ඒ බොත්තම අක්‍රීය වන අයුරු. ඒ ඔබට තවත් වතාවක් ඒ මත ක්ලික් කළහොත් සිදුවිය හැකි අතිරික්ත ගනු දෙනුවක් වලක්වා ගැනීමට. නමුත් සෑම මෘදුකාංග ක්‍රමලේඛයෙකුම ඒ ගැන සිතන්නේ නැහැ.සිතුනත් ප්‍රධාන කාර්යය සිදුවන නිසා අමතර දේවල් කිරීමට උදාසීනයි. (පළපුරුද්දෙන්ම දන්නා දෙයක් :) ). එවැනි අතපසු වීම්/කිරීම් ඇති විද්‍යුත් වානිජ්‍ය වෙබ් අඩවියක පරිශීලිකයා නොදැන කරන දෙයින් අමතර ගනුදෙනු සටහන් වීමට ඇති හැකියාව විරල නැහැ. දත්ත සම්ප්‍රේෂණ වේග අඩු අවස්තාවකදී, අන්තර්ජාල පහසුකම් ඇණ හිටීමකදී , මෘදුකාංග දෝෂ වැනි වෙනත් දේ බොහොමයක් නිසා පරිශීලකයා ගෙවීම් ෆෝරම නැවත නැවතත් නොදැනුවත්ව සම්ප්‍රේෂණය කල හැකියි. බොහෝ විට මේ ගනු දෙනු අවලංගු කල හැකි වුවත් ක්‍රමවේදය සරල නැහැ වගේම ඉක්මන් නැහැ. ඒ විසඳන තුරු ක්‍රෙඩිට් කාඩ් පතේ ශේෂය සමහර විට වෙනත් දේ වලට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.

සමහර විට මේ ආකාරයටම ඔබට එකම ඊ මේල් පණිවුඩය කිහිප වතාවක් ලැබුණු අවස්ථා ඇති.එසේ යවා ඇති අවස්ථාත් ඇති.

මේ ආකාරයටම පමණක් නොව වෙනත් ආකාර බොහොමයක් තිබෙන්න පුළුවන් මල්පිකේට් දෝෂ ඇති වෙන්නට පුළුවන්.

යන්ත්‍රයකින් , වෙබ් අඩවියකින් හෝ මෘදුකාංගයකින් ඔබ යමක් ඇතුලත් කල විටෙක ඉන් ප්‍රතිචාරයක් නොලැබුණු පමණින්ම කිසිවක් සිදු නොවූ බවට තීරණය කර නැවත නැවත කිරීම අවදානම්. යමක් වුනාට පසු නිවැරදි කිරීම සරල නැහැ වගේ අමතර පාඩුත් සිද්ධ වෙනවා. නැවත උත්සාහ කිරීමට පළමුව භාවිතා කල හැකි විකල්ප මාර්ග හරහා තහවුරු කර ගැනීම වඩා සුදුසුයි.

අනිත් අතට මේ වගේ දේ සිදුවිය හැකි යන්ත්‍ර හා මෘදුකාංග නිර්මාණ කරුවන් මෙවන් දේ සිදුවිය හැකි බව සිතීමත්, දැන සිටීමත්, ඒවාට පුර්ව පිළියම් යෙදීමත් ඉතා වැදගත්, ඒ වගේම වෘත්තීය වග කීමක්‌. බොහෝ විට ඒ පිළියම් සරල ඒවා.

අපි වගේ නොවෙයි ස්වභාව ධර්මය.හොඳම උදාහරණයක් තමා ස්වාභාවිකවම, ගැබ් ගැනීමට පසු ගැබ් කාලය තුළදීත් සමහර විට තවත් කාලයක් යන තෙක් (අපේ මහ වෙදනාගෙන් වැඩි විස්තර අහන්න) නැවත පිළිසිඳ නොගැනීම. නිවුන්නු ඇති වුනත් ඒ පිළිසිඳ ගැනීම් වලින් පසුව නැවත පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ. එහෙත් ඉතාම කලාතුරකින් ස්වභාව ධර්මයටත් වරදින්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් එකම මවට එකවර පියවරු දෙදෙනෙකුට දාව නිවුන්නු පිළිසිඳ ගැනීම වගේ දෙයක් (බෙදා ගෙන කෑමේ ප්‍රතිඵල)..

12 Comments Posted in Uncategorized
බල්ලාගේ බලු කතා
බල්ලා ගැන කාලයකට පසුව මට මතක් වුනේ ඉහල කොත්මලේ ජලාශය පිරවීමේදී සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල හීදී යන බවට වූ පුවතක් දැකීම නිසා.

මේ බල්ලාට කකුල් තිබුනේ නියමිත ප්‍රමාණයට දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ අපේ වර්ගයේ. අපේ වර්ගයේ වුනත් වෙනස නමෙනුත් බලු වීම. මේ බල්ලා අපේ පාසලේම ඉගෙන ගත්තේ. (උගත් බල්ලෙක්) . මට වඩා වසරකින් වැඩිමල් වුනු බල්ලා සමග පාසැල් කාලයේදී මගේ ආශ්‍රයක් තිබුනේ නැති වුනත් පසුව මට වැඩි දුර අධ්‍යාපනය ලබද්දී හොඳ මිතුරෙක් වුනා. බල්ලාගේ චරිත ස්වභවය අනුව ඌ සම්බන්ධ කතා බොහොමයක් තිබෙන්නට පුළුවන් වුනත්, මම ඌව ආශ්‍රය කලේ ටික කාලයක් නිසා මම දන්නේ ඉන් අතලොස්සක්. බුද්ධි අංශ වාර්තාවක් ලැබුනොත් දෙවෙනි කොටසක් ලියන්නට පුළුවන් වෙයි. බලමු.

බල්ලාගේ සැබෑ වාසගම අවසන් වන්නේ “තිස්ස” යන කොටසෙන් නිසා ඇතැම් දෙනා ඌව බලුතිස්ස ලෙසත් හඳුන්වනවා.

මට තවමත් සොයා ගන්නට බැරි වුනා මේ බල්ලා , බල්ලා වුනේ කොහොමද කියලා. කාට හරි බලුම වැඩක් කරලා මාට්ටු වෙන්න ඇති.

වරක් බල්ලාත් මමත් කුරුවිට, බෝපත් ඇල්ල ප්‍රවේශ මාර්ගය අසල පදිංචිව සිටි උගේ මිතුරෙක් හමු වීමට ගියා. එදා පෝය දිනයක්. ආපසු පයින් එන අතර තුර බෝපත් ඇල්ල බලන්නට යන නඩයක් රැගෙන ආ බසයක් හමු වුනා. වහාම අත දිගු කර බසය නැවැත්වූ බල්ලා රියදුරුට මෙසේ කියා සිටියා.

“අද ඇල්ල වහලා. පෝය නේ.. වෙන දවසක එන්න අයියේ..”

බසයේ සිටි එක් අයෙක්, “මොකද? මොකද?” අසමින් බැස එන්නට සුදානම් වුවත්, සිනහ පහලව සිටි රියදුරු නැවත ගමන් ආරම්භ කළා..

බල්ලා බල්ලෙකු බව ඔහුගේ දෙමවුපියන් ද දැන සිටියා. ඒ වගේම අපේ බල්ලාගේ නිවසේ සුරතලයට ඇති කෙරුණු තවත් බල්ලෙකුත් හිටියා. වරක් බල්ලාගේ මිතුරෙක්, උගේ නිවසේ දුරකතනයට ඇමතුමක් ගත් විට ප්‍රතිචාර දක්වා තිබුනේ ඔහුගේ පියා.එතන ඇති වුන දෙබසේ මුල් කොටස මේ වගේ..

අංකල් , බල්ලා ඉන්නවා ද ?
ආ ඔවු පුතේ, බල්ලෝ දෙන්නෙක් ඉන්නවා .. කොයිකටද කතා කරන්න ඕනි ?
..
..

ඒ කාලයේ බල්ලාත් මමත් ඉගෙනුම ලැබුවේ දැන් කොළඹ පිහිටි ආයතනයක.ඔවුන්ගේ ශාඛාවක් එවකට රත්නපුර පිහිටා තිබුනා. ඒ හේතුව නිසා අපි ප්‍රායෝගික පුහුණුවට රත්නපුර ශාඛාවට යාමට පුරුදුව සිටියා.එතන සේවය කල පිරිසත් අපේ(බල්ලා, මම, ඩැනී සහ හුණා) හොඳ මිතුරන් වුනා වගේම අද බල්ලාගේ ප්‍රිය බිරිඳ එහි සේවය කල උපදේශිකාවකගේ නැගණිය. ටික කලකින් ඒ ආයතනය රත්නපුර මොරගහයට හන්දියේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙන ආවා. එතැන ප්‍රධාන පාරවල් දෙකක් හමු වන T-හන්දියක්. එක් පාරකින් තවත් පාරකට හැරෙන විට වාහන වල වේගය අඩාල අනිවාර්යයි.

වරක් නිවාඩු දිනයක බල්ලා එතැනට වී සිටියේ උගේ ලිපිනය ලියු කොළ කැබලි මිටියක් රැගෙන. සෙමෙන් හන්දියෙන් හැරෙන වාහන වල කෙල්ලන් සිටියේනම් බල්ලා වාහනය තුලට ඒවා දැම්මේ කනාවට හෝ රිප්ලයි එකක් ලැබුනොත් යැයි කියමින්. ටික වෙලාවකින් පැමිණි වෑන් රියක පිටු පස සිටි රූබර ගැටිස්සියන් පිරිසක් දුටු බල්ලාට උන් හිටි තැන් අමතක වුනා.ඉදිරිපස වම් අසුනේ හිටියේ හිමි නමක්. හාමුදුරුවන් අසලින් වෑන් රථය තුලට හිස දැමු බල්ලා මෙලෙස අසමින් උන් වහන්සේටත් ලිපිනය ලියූ කොළ කැබැල්ලක් ලබා දුන්නා..

හ්හාමුදුරුවනේ ? කෙල්ලොත් ඉන්නවා නේ??

අපට විනෝදය ගෙන දුන් තවත් දෙයක් වුනේ, බල්ලාට එහිදී පිටු පස සිටි එක් ගැටිස්සියෙකුත් ලිපිනයක් ලියූ කොළ කැබැල්ලක් පෙරලා ලබා දීම.එහෙම වෙන්න ඇයත් බල්ලා කරමින් සිටි ක්‍රියාවම කරමින් පැමිණුනා වෙන්නට ඕනි :-) .හොඳ ගැලපීමක් වුනත්, එහි තිබුනේ ව්‍යාජ ලිපිනයක් වගේම සඳහන්ව තිබුණු ගම __අම්බලම.

බල්ලාගේ තවත් ලක්ෂණයක් තමයි ස්වාභාවිකවම ශුද්ධ සිංහල කියවීම. වරක් රාත්‍රියේ යතුරු පැදියකින් පියාත් රැගෙන ගමන් කරමින් සිටි බල්ලා ඉදිරිපසින් පැමිණි වාහනයේ ප්‍රධාන ලාම්පු අඩවන් නොකිරීම නිසා අපහසුතාවට පත් වීමෙන් පසුව යමක් පිට වෙලා.

බල්ලා : අම්මට හු#$%න්
පියා : මොකක්ද යකෝ කිව්වේ ?
බල්ලා : ම්මොකුත් න්නැහැ තාත්තේ..

ඒ වගේම සාමාන්‍ය කතා බහේදී යමෙකු ගැන කීමට ඔහු නිතැතින්ම යොදා ගන්නේ හු#$%තා යන පදය ?

උදා -
මොකද හු#$%තො පරක්කු ?
ඒ හු#$%තා ඔහොමමයි…
ඒ හු#$%ති $%^

ළඟදී මට ගෙදර යන ගමන් සිටියට ගොඩ වෙලා හිටපු බල්ලව මුණ ගැසුනා. බල්ලා දැන් එක් දරු පියෙක්. දරුවා රාත්‍රියේ පාලනය කර ගැනීම අපහසු බව බල්ලා කීවේ මෙහෙම..

ඒ හු#$%ගෙ වැඩේ රෑට අඬන එක..

(මේ වචන හිතා මතා නොව පුරුද්දටම කටින් පිට වන ඒවායි)

වසර කිහිපයකට කලින් බල්ලා දිනක් පාතාල කණ්ඩායමක පැහැර ගැනීමට ලක් වුනා. අවේලාවේ වීථි සංචාරයේ යෙදෙමින් සිටි බල්ලා අසල හදිසියේ නතර කල වෑන් රථයකින් බට මුහුණු ආවරණය කල මැර පිරිසක් බලහත්කාරයෙන් බල්ලා රථයට දමා මුහුණ එහි තිබුන පෙට්ටියක් තුලට දමා කිහිප දෙනෙක් විසින් පාගා තබාගෙන රැගෙන යනවා. තමන්ගේ හිස ඔබා තිබුණු පෙට්ටිය තුලා බල්ලා දැක තිබෙන්නේ අත් බෝම්බ කිහිපයක්.භීතියට පත් වූ බල්ලාට යමක් පහ වූ බවක් දැන ගන්නට නැති වුනත් එසේ වුනා විය හැකියි. ටික දුරක් ගමන් කල පිරිස පසුව බල්ලාව, නැවතූ වැන් රථයෙන් එළියට ඇද දැමීමෙන් පසුවයි බල්ලා දැක තිබෙන්නේ කල්ලියේ නායකයා තමන්ගේ මිතුරෙක් බව. ඒ මැතිවරණ පෝස්ටර් ඇලවීමේ කණ්ඩායමක සිටි, බල්ලාගේ මිතුරාගේ විහිලුවක්. (අත් බෝම්බ යනු පාප්ප හොඳින් මිශ්‍ර කිරීමට මැතිවරණ කාල වලදී යොදා ගන්නකි )

…………

කලින් කිව්වා වගේ බල්ලා ගැන නොදත් දේ සොයා ගත්තොත් නැවත ලියන්නම්.

22 Comments Posted in Uncategorized