කුක්කු තනේ
Wednesday, May 2nd, 2012ගව කුලයට අයත් නොවන්නා වූ බොහෝ මිනිස් මවු වරු තමන්ගේ දරුවන්ට මවු කිරි ලබා දෙන්නේ ඒ තමන්ගේ දරුවන්ට දිය හැකි උසස්ම ආහාරයක් නිසාය. දැන් දැන් එසේ නොකර තමන්ගේ වර්ගයා අනුව යමින් ළදරුවන්ට පවා ගව කිරි දෙන එළ දෙනුන්ද සිටී. ඒවා බී හැදෙන උන් අනාගතයේ පිළි දෙමුහුමට (Back-cross) පෙළඹුණහොත් පුදුමයක් නැත. එසේ කලත් කියන්නට වැරද්දක් නැත.
අපේ උන්ගේ සීමිත ධනය යොදවන්නට වෙනත් දේ ඇති නිසා, තවමත් වැඩියෙන් අසන්නට නොලැබුනත් තමන්ගේ කුක්කු තන ගැන නොසෑහී ඇති පදමට වෙනස් කර ගන්නා අයත් සිටින්නේ දරුවන්ට කිරි දීමට එහා ගිය ප්‍රයෝජන ඔවුනට ඇති බැවිනි.පහත දැක්වෙන්නේ කුක්කු තන වෙනස් කර ගන්නා ක්‍රමවේද කිහිපයකි.
Breast Implant (කුක්කු තන බද්ධය)
සිලිකොන් ජෙල් හෝ සේලයින් ද්‍රාවණයක් පිරවූ අවශ්‍ය ප්‍රමාණයේ සිලිකොන් හෝ රබර් කවච තන තුල බද්ධ කිරීම මෙහිදී සිදු කෙරේ.
Breast Augmentation (කුක්කු තන ආවර්ධනය)
මෙහිදී කුක්කු තන බද්ධය මගින් ප්‍රමාණය වැඩි කිරීම හා/හෝ හැඩය වෙනස් කිරීම සිදු කරයි.
Breast Enlargement (කුක්කු තන විශාලනය)
කුක්කු තන බද්ධය මගින් ප්‍රමාණය වැඩි කිරීම මෙයින් ද සිදු කරයි.
Breast Implant Revision (කුක්කු තන බද්ධ නිවැරදි කිරීම)
මෙහිදී කලින් කල කුක්කු තන බද්ධ ඉවත් කර අවශ්‍ය වෙනස් කම් සමගින් නව බද්ධයක් සිදු කෙරේ.
Breast Lift (කුක්කු තන උත්තෝලනය)
එල්ලා වැටුණු කුක්කු තන නැවත හැඩ ගන්වා ඉහලින් පිහිටුවීම මෙහිදී සිදු කෙරේ.
Breast Reduction (කුක්කු තන ඌනනය)
තමන්ගේ කුක්කු තන අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල යැයි සිතෙන අයට අමතර මේද පටක හා සම ඉවත් කරවාගෙන ඒවා කුඩා කරවා ගැනීම මෙහිදී සිදුකර ගත හැක.
Breast Reconstruction (කුක්කු තන ප්‍රතිසැකසුම)
පිළිකා නිසා ඉවත් කෙරුණු කුක්කු තන වෙනුවට අළුත් ඒවා ගොඩ නැංවීම මෙහිදී සිදු කෙරේ.
තවත් කුක්කු තන ව්‍යාපෘති වර්ග තිබෙන්නට හැකි වුවත් මාගේ රැකියාවේදී ඇස ගැසී ඇත්තේ ඉහත කී ඒවා ගැන පමණි.ඇති හැකි වෙනත් වැඩ නැති අය ඉහත ඒවා කර ගැනීමේ දෝෂයක් දැකිය නොහැක්කේ ඒවා කර ගන්නේ තමන්ගේම කුක්කු තන වලට නිසාවෙන් මෙන්ම අතුරු ඵල (සෞඛ්‍ය හා වෙනත්) භුක්ති විඳින්නේත් ඔවුන් බැවිනි.ඒ ඔවුන්ගේ පෞද්ගලික අයිතියයි.
කුක්කු තන ප්‍රමාණය අනුව කල හැකි වර්ගීකරණයක් ගැන ඉඟියක් කතන්දරගේ පුරාතන, මධ්‍යතන හා නුතන පෝස්ටුවෙන් ලබා ගැනීමට පුළුවන්.පහත දැක්වෙන්නේ පුරාතන යුගයේ මැක්සාකෘත උදාහරණයයි. මගේ උපුටා ගැනීම ඇමේසින් බැන්ටා වෙතින් වන අතර ඔවුන්ට අනුව ඇය විශාලතම ස්වභාවිට්ක කුක්කු තන වෙනුවෙන් වන ගිනස් වාර්තාවට හිමිකම් කියන්නීය.අවශ්‍යනම් ඇය ගැන වැඩි විස්තර
http://www.thesun.co.uk/sol/homepage/showbiz/tv/3654777/Woman-with-the-worlds-largest-natural-boobs-at-102ZZZ-appears-on-This-Morning.html වෙතින් ලබා ගත හැක.
නුතන යුගයේ මැක්සාකෘතය පහත දැක්වේ.. (නිරුවත් දර්ශන අඩංගු වේ).
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ කුක්කු තනේ ගැන ඔබට සිතෙන්නේ මොනවාද ? මෙහෙමත් ජීවිත මේ ලෝකයේ පවතින බව බන්දුල ලා දන්නවානම් තව මොනවා කියයිද? අප අසා තිබෙන්නේ ලේ කිරි කර මවු කිරි දෙන බවයි.එහෙත් මේ අසරණියගේ ලේ පමණක් , මස්, ඇට පවා කිරට හැරෙනවා විය යුතුය. ඇත්තෙන්ම මා දන්නා තරමින් කිරි දෙන මවකගේ පෝෂණය මද වූ විට එසේ වෙන්නට ද බැරි කමක් නැත. කෙසේ වුවත් අප මේ දකින්නේ සෑම දේටම අදාළ ඇති-නැති පරතරයේ තවත් එක් පිළිබිඹුවක් පමණි.
මට ඇත්තටම බෙදා ගන්නට අවශ්‍ය වුයේ මේ අවසාන ඡායාරුපයයි.




