බරපතල ලෙස අපයෝජනයට ලක්වූ හපුතලේ ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු අසාධ්‍යව රෝහල් ගත කිරීමත්, පසුව මිය යාමත් අද එක් රුපවාහිනී නාලිකාවක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළමු ප්‍රවෘත්තිය විය. එහිදී එම දරුවා රෝහලට රැගෙන ආ මොහොතේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු පිරිසක් ගත් ප්‍රශංසනීය උත්සාහයද විකාශය විය. එම ප්‍රවෘත්ති විකාශයට අනුව, දරුවා අපයෝජනය කර ඇත්තේ ඔහුගේම පියා යයි [...]
ජීවනෝපාය අහිමි වුනු ආබාධිත රියදුරු බර්නාඩ් විජේසිරි මහතා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර සොයා ගැනීමට කල උත්සාහය මේ වන විට සාර්ථක වී ඇත. මේ ගැන මා ලියු ලිපියට මහ වෙදනා විසින් එක් කල කමෙන්ටුව කියවීමෙන් පසුව මා මේ සදහා පොලීසියේ සහය ලබා ගැනීමට උත්සාහ කලෙමි. පළමු ප්‍රතිචාරය කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තුමන්ගෙන් ලැබුණු අතර [...]
අපේ මහ වෙදනා විසින් පළ කල “සිතා බලන්න” යන ලිපියේත් , ගොසිප්ලංකානිවුස්හි මේ ලිපියේත් අතක් අහිමි රියදුරෙකුගේ ජීවනෝපාය නීත්‍යානුකුලව අඩාල වුනු ආකාරය ගැන කියවුනා. මේ පිළිබඳව මා ආබාධිතයින්ට පිහිට වන ආයතන කිහිපයකට දැනුම් දී විමසා සිටියා , “ඒ පුද්ගලයාට ඔවුන්ට කල හැකි යම් දෙයක් වේද ? ” යන්න. මේ වන විට ඉන් එක් ආයතනයකින් සතුටුදායක [...]
.warning-but { color:#ffffff; font-size:25px; } මෙහි ලාබාලයින්ට දැන ගැනීම නුසුදුසුයැයි “සම්මත” දර්ශන ඇතුලත් වන බැවින් කරුණාකර ඔබ වැඩිහිටියෙකු බව සහතික කරන්න.
මුල් කොටසෙන් මම සඳහන් කලේ, අපට අවශ්‍ය පරිදි කමෙන්ට් වල අකුරු ප්‍රමාණ වෙනස් කිරීමට දැන ගත යුතු හා ප්‍රයෝජනවත් දේවල් කිහිපයක් ගැන. මෙතනදී අකුරු කුඩා වීමේ ප්‍රශ්නය ඇති වුනේ, බ්ලොගර් විසින් කමෙන්ටු වල අකුරු අඩංගු HTML <blockquote> කොටසට අදාළ CSS class ඒක, එනම් comment-content සඳහා අකුරු ප්‍රමාණය 13px වලට සීමා කිරීම. අපට මෙය බ්ලොග් ටෙම්ප්ලේටයේ [...]
බ්ලොගර්ලා විසින් ළඟදී කල වෙනස් කම් නිසා, ඇතැම් බ්ලොග් වල කමෙන්ට් වල අකුරු ප්‍රමාණය අඩු වීම සිදු වී තිබෙනවා. මේ පිළිබඳව වඩාත්ම දුක් වූ කෙනෙක් වුනේ අපේ ඔබා මාමා. ඔබා මාමා මේ ගැන කොපමණ දුක් වුනාද කියන එක හොඳින්ම පැහැදිලි වෙන්නේ සුපුරුදු පරිදි කමෙන්ට් වලට පිළිතුරු බැදීමට ඔහුට හිත හදා ගන්නට නොහැකි වුනු නිසා. මගේ [...]
මුලින්ම කීමට අවශ්‍යයි මල්පිකේට් කියන වචනය මම යොදා ගන්නේ, ඊට ගැලපෙන ඉංගිරිසි වචනයක් නොදන්නා නිසා බව.සිංහල වචනයක් ගැනත් නෝ අයිඩියා. කවුරු හරි එවැනි වචනයක් ගැන දන්නවානම් ඒ ගැන කියන්න. ඩුප්ලිකේට් යන්න හැමෝම දන්නවා.. පිටපත් දෙකයි. Triplicate ට්‍රිප්ලිකේට් – පිටපත් තුනයි.. Quadruplicate ක්වොඩ්‍රප්ලිකේට් – පිටපත් හතරයි තවත් කිහිපයක් ගැන ජාලෙන් හොයා ගත්තා.. quintuplicate – ක්වින්ටප්ලිකේට් – [...]
බල්ලා ගැන කාලයකට පසුව මට මතක් වුනේ ඉහල කොත්මලේ ජලාශය පිරවීමේදී සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල හීදී යන බවට වූ පුවතක් දැකීම නිසා. මේ බල්ලාට කකුල් තිබුනේ නියමිත ප්‍රමාණයට දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ අපේ වර්ගයේ. අපේ වර්ගයේ වුනත් වෙනස නමෙනුත් බලු වීම. මේ බල්ලා අපේ පාසලේම ඉගෙන ගත්තේ. (උගත් බල්ලෙක්) . මට වඩා වසරකින් වැඩිමල් වුනු [...]
