Posts Tagged ‘උරුමය Heritage’

සිංහල සංඛ්‍යා – Sinhalese numbers

Sunday, June 12th, 2011

1965 දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල විශ්ව පාඨ මාලාව වෙළුම් 2ක් අද මගේ අතට ලැබුණා. නිකමට වගේ එය පෙරලා බැලූවේ ඇතැම් විට අපේ භාෂා (බක) පණ්ඩිතයින් අලුතින් හදා එක් කළ වචන ඒවායේ තිබෙන නිසා. උදාහරණයක් හැටියට Universal Joint වෙනුවට “සර්ව ලෝක පූට්ටුව”,Cashier වෙනුවට “කාසි පාලක” වගේ පද හඳුන්වා දී තිබෙන්නේ ඒ උදවියම තමා.

දෙවන වෙළුමේ 48වැනි පිටුවේ මම යම කිසි විශේෂත්වයක් දැක්කා. ඊට හේතුව එහි විශාල ඉංග්‍රීසි සංඛ්‍යා වල සිංහල නාමයන් දක්වා තිබීම. කලින් කියූ විහිළු පද වගේ නෙමෙයි, මම හිතන්නේ මේවා අපිට නිවැරදියි කියලා පිළිගන්න වෙනවා.මොකද ඒවා නව නිර්මාණ නොව පැරණි වචන නිසා. අපේ වෙද මහත්තය ළඟ සමහර විට විස්තර තියෙන්න පුළුවන් සිංහල සංඛ්‍යා පද්ධතියේ විශාලම අගය කුමක්ද කියලා. මම අහලා තියෙන විදියට බටහිර සංඛ්‍යා පද්ධතියට අපේ සංඛ්‍යා පද්ධතියේ උපරිම අන්තයට කිට්ටු වෙන්නටවත් හැකියාවක් නැහැ. ඒත් හරියටම පැහැදිලි කරන්න ඒ විස්තර මගේ ළඟ නැහැ.

කොහොම වුනත් අද ඒ සොයාගත්ත සංඛ්‍යා මම පහත දක්වනවා. ඔබට පැහැදිලිවම පේනවා මේ ලැයිස්තුව සම්පූර්ණ එකක් නෙවෙයි කියලා. ඔබලා කවුරු හරි ළග සම්පූර්ණ සංඛ්‍යා පද්ධති විස්තර තියෙනවනම් ඒවා අපි සමග බෙදා ගන්න කියන ඉල්ලීමත් මේ සමග කරනවා.

Hundred Billion – ප්‍රකෝටිය
Hundred Decillion – දස ලක්ෂ විෂ්කම්භය
Hundred Million – දස කෝටිය
Hundred Nonillion – විෂ්කම්භය
Hundred Octillion – දස ඛම්බය
Hundred Quadrillion – ලක්ෂ කෝටි ප්‍රකෝටිය
Hundred Quintillion – දස දහස් නහුතය
Hundred Septillion – සිය හුතනහුතය
Hundred Sextillion – දහස නින්නහුතය
Hundred Thousand – ලක්‍ෂය
Hundred Thousand Billion – දහස් ප්‍රකෝටිය
Hundred Thousand Million – දස දහස් කෝටිය
Hundred Thousand Nonillion – දහස් විෂ්කම්භය
Hundred Thousand Octillion – දස දහස් ඛම්බය
Hundred Thousand Quadrillion – දසනහුතය
Hundred Thousand Quintillion – නින්නහුතය
Hundred Thousand Septillion – ලක්‍ෂ හුතනහුතය
Hundred Thousand Sextillion – දස ලක්‍ෂ නින්නහුතය
Hundred Thousand Trillion – දස කෝටි ප්‍රකෝටිය
Hundred Trillion – දස ලක්‍ෂ ප්‍රකෝටිය
Billion – ලක්‍ෂ කෝටිය
Million – දස ලක්‍ෂය
Octillion – දස ලක්‍ෂ හුතනහුතය

මෙහිදී මම සංඛ්‍යා අගයන් ඉලක්කම් වලින් ඇතුලත් කරන්න උත්සාහ කලේ නෑ, මොකද සිංහල කොහොම වුනත් ඔබ සියළු දෙනාට ඉංග්‍රීසි නාමය හරහා එය සොයාගන්නට පුළුවන් නිසා.

මෙයින් අපට ඉඟියක් ලැබෙනවා නහුතය කියන්නේ ඉලක්කමක් බව. ඒ වගේම තව දෙයක්, සිංහලෙන් මේවා ලිවීමේදී සැලකිලිමත් වෙන්න ඕනි. මොකද අකුරක වෙනසකින් අසභ්‍ය (වගේ) අර්ථයක් දෙන නිසා, බලන්න හුතනහුතය ගැන. :) .

දැන් අපි බලමු නහුතයේ සංඛ්‍යාත්මක අගය සොයන්න.

Hundred Thousand Quadrillion කියන්නේ දසනහුතය.

Hundred Thousand Quadrillion ඉලක්කමෙන් ලියමු.

100000000000000000000

ඒ දසනහුතයනම් නහුතය ඉන් 10න් කොටසක් වෙන්න ඕනි.

ඒ කියන්නේ 10000000000000000000 , එහෙමත් නැත්නම් 1019 කියන්නේ නහුතය.

ඉතින් පොඩ්ඩක් හිතා බලන්න නහුතෙට කේන්ති යනවා කියන්නේ , ඒක මොන තරම් දරුණු වෙන්න ඕනිද ?

කලින් කිව්වා වගේ කවුරු හරි ළඟ විස්තර තියෙනවානම් අපේ සම්පූර්ණ සංඛ්‍යා පද්ධතිය එළි දක්වන්න.

෴෴෴

වෙනම ලිපියක් ඉදිරි පත් කරන්න කරුණ නැති නිසා මේ සමගම් සිංහල ඉලක්කම් වල ලැයිස්තුවකුත් ඇතුලත් කරනවා.

මේ තියෙන්නේ අපේ පැරණි සිංහල ඉලක්කම් .

1:Old Sinhala Numbers and Digits
2:Old Sinhala Numbers and Digits
3:Old Sinhala Numbers and Digits
4:Old Sinhala Numbers and Digits
5:Old Sinhala Numbers and Digits
6:Old Sinhala Numbers and Digits
7:Old Sinhala Numbers and Digits
8:Old Sinhala Numbers and Digits
9:Old Sinhala Numbers and Digits
10:Old Sinhala Numbers and Digits
20:Old Sinhala Numbers and Digits
30:Old Sinhala Numbers and Digits
40:Old Sinhala Numbers and Digits
50:Old Sinhala Numbers and Digits
60:Old Sinhala Numbers and Digits
70:Old Sinhala Numbers and Digits
80:Old Sinhala Numbers and Digits
90:Old Sinhala Numbers and Digits
100:Old Sinhala Numbers and Digits
1000:Old Sinhala Numbers and Digits

උපුටා ගැනීම : http://www.sinhala-online.com/sinhala-digits-number-page.html

ඉහත උපුටා ගැනීම මම කරපු, වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ රෝලන්ඩ් රුස්වර්ම් (Roland Russwurm) මහතා හා ශිරානි මහත්මිය. ඉහත ඉල්ලක්කම් වලට යොදාගත් අකුරු රටා නිර්මාණය කරලා තියෙන්නේ මයිකල් එවර්සන් Michael Everson ( www.evertype.com) මහතා.අපේ භාෂාව ගවේෂණය කරන , ඒ වෙනුවෙන් විවධ නිර්මාණ, කැප කිරීම් කරන, සේවා ලබා දෙන මේ වගේ විදේශිකයන්ට අපේ කෘතඥතා පූර්වක ස්තූතිය ලබා දෙන්න ඕනි. ඒ වගේම අපේ භාෂා විද්‍යාර්ථයින් මෙවැනි දේ වලට උනන්දු නොවීම කණගාටුදායකයි. http://www.sinhala-online.com/sinhala-digits-number-page.html හි අපේ ඉංග්‍රීසි ඉලක්කම් සිංහලට හැරවීමේ මෙවලමකුත් තියෙනවා.

෴෴෴