රාමාගේ පිවිසුම
Thursday, June 9th, 2011![]()
මා ලාංකීය බ්ලොග් අඩවි පරිශීලනයට පෙළඹුනේ මීට මාස කිහිපයකට කලින් මගේ මිත්‍ර , හිටපු අසල්වාසී යොහාන් විසින් මූණු පොතේ හුවමාරු කර තිබූ දුමී අයියාගේ බ්ලොග් සටහනක් නිසාය. ඊට පසු කතන්දර , ඉලෙක්ට්‍රොනික් Lab, ඇතුළු බ්ලොග් අඩවි කිහිපයකත් නිත්‍ය පරිශීලකයෙක් වුනා.මාගේ ලිවීමේ හැකියාව කෙසේ වූවත් , ඒ බ්ලොග් අඩවි හරහා මා බ්ලොග්කරණයට පිවිසීමට ඉටා ගත්තත් , එය දිනෙන් දින ප්‍රමාද වුනා.
අපේ දේශීය බ්ලොග් ප්‍රජාව ගැන දැඩි පැහැදීමක් ඇති වීමට හේතුවක් වුනේ රෝගීව හිටපු ඉලන්දාරියා වෙනුවෙන් ඔවුන්ගේ පෙළ ගැහීම හා කැප කිරීම්. ඒ අතරතුර මට බ්ලොග්කරණයට දුමී අයියාගෙන් කමෙන්ටුවක් හරහා දිරි ගැන්වීමකුත් ලැබුණා.ඒත් තවත් කාලයක් මගේ බ්ලොග්කරණයේ ආරම්භය ප්‍රමාද වුනා.
පහු ගිය සති කීපයේ මම වෙද ගෙදර මහ වෙදනගේ බ්ලොග් අඩවිය පරිශීලනයටත් පෙළඹුනා. ඊයේ ඔහු පළකර තිබූ පාතාල ලෝකෙට යන්න කැමතිද? ලිපිය දැඩි ලෙස මාගේ සිත් ගත්තා. දුමී අයියාගේ වචන වලින් කියනවානම් මගේ කට කැසීමට පටන් ගත්තා.
.. මාතෘකාවෙන් තරමක් පිට , තරමක් සම්බන්ධ සාපේක්ෂව දිග කමෙන්ටුවක් මගෙන් ඒ ලිපියට (ඉඳුනිල් නමින් ) වැටෙන්නේ ඒ නිසා. එය ලිවීමේදී මාගේ බ්ලොග් අඩවිය ඉක්මනින්ම ඇරඹිය යුතු බව මට හැගී ගියා. වෙද මහතාගෙන් ඒ කමෙන්ටු වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාරය මා බ්ලොග්කරණයට කළ කල් මැරීමේ අවසානය සනිටුහන් කළා ..
මේ බ්ලොග් අඩවිය අද ඇරඹුණේ එහෙමයි.
කාලයක් තිස්සේ අපතේ යවමින් තිබූ මාගේ පුද්ගලික අඩවි නාමය (domain), ramadasa.name මේ සඳහා යොදා ගැනීම හදිසි තීරණයක්. එය මා සාමාන්‍ය වෙබ් අඩවියකට භාවිතා කරන්න තබා ගත් එකක්.ඒත් ඒ අඩවි නාමය මගේ බ්ලොග් අඩවියට අද සිට වෙන් වෙනවා. හදිසියේම ඒ වෙනුවෙන් wordpress ස්ථාපනය කරගත්තා.
මට හිතෙන දේවල් , මගේ භාෂාවෙන් මේ බ්ලොග් අඩවියේ පළ වේවි. මා එක් ක්ෂේත්‍රයකට සීමා වීමට සිතන්නේ නැහැ. මගේ පළ කිරීම් මෝඩ ජෝක් වල සිට සංකීර්ණ කරුණු කාරණා අතර විවිධ මට්ටම් වලින් තිබේවි. අපේ හිත හොඳ බ්ලොග් සහෘදයන් පිරිස මගේ බ්ලොග් අඩවියට ලොකු ශක්තියක් වේවි.
රාමදාස කියන්නේ මගේ වාසගම. මුල් නම ඉඳුනිල් .සම වයස් මිතුරන් නම දන්නේ චීනයේ ප්‍රසිද්ධ සමාගමක නමින් .. ටික කාලයක් ගියාම ඒ නම හෙළි කරන්නම්. ගම රත්නපුරේ තියෙන ප්‍රසිද්ධ ගමක්. රැකියාව මෘදුකාංග ක්‍රමලේඛණ අංශයේ. මගේ තෙවන භාෂාව PHP…

