යුරෝපයේ ඇති එකම බෞද්ධ රට කුමක්ද ?
Friday, June 10th, 2011එමවැන්නක් තිබේද ? තිබිය හැකිද ? මීට මාසයකට පමණ කලින් මාත් එවැන්නක් ගැන දැන සිටියේ නෑ. යුරෝපයේ බෞද්ධ රටක් තිබෙන්නට පුළුවන් බව කිසි සේත්ම නොසිතුවත් ඒ ගැන මට අහම්බෙන් දැන ගන්නට ලැබුණා. ඒ කැල්මිකියාවයි.
පහත සිතියමේ දැක්වෙන්නේ කැල්මිකියාවයි. මූලාශ්‍රය Source : http://mmc-news.biz/wp-content/plugins/RSSPoster_PRO/cache/4dbe2__45840472_kalmykia226.gif කැල්මිකියාව බෞද්ධ රටක් වීමට හේතුව මීට වසර 400 කට පමණ ප්‍රථම එය මුලින්ම ජනාවාස කලේ මොන්ගෝලියානු බෞද්ධ පිරිසක් නිසා. ඔබලා බොහෝ දෙනෙකු දන්නා පරිදි මොන්ගොලියානුවන් සංක්‍රමණික ජීවන රටාවකට උරුමකම් කියන පිරිසක් (Nomads).ඒ වගේම ඔවුන් අදහන්නේ ටිබේට බුද්ධාගම. ජනාධිපති කිර්සාන් පැවසූ පරිදි සෝවියට් රුසියානු සමූහාණ්ඩු කොමියුනිස්ට් පාලනය යටතේ දශක ගණනාවක් එරට බුද්ධාගම දැඩි ලෙස යටපත් කර තිබී තියෙනවා. ප්‍රසිද්ධියේ බුද්ධාගම ඇදහීම් මරණයට පවා හේතු වූ බව කියනවා. රුසියානු සමූහාණ්ඩුවේ බිඳ වැටීමෙන් පස්සේ තම ඔවුන් ප්‍රසිද්ධියේ බුද්ධාගම අදහන්න පටන් අරන් තියෙන්නේ.මේ සඳහා ඔවුන් වෙනත් රට වල උදවු උපකාර ලබා ගෙන තියෙනවා. ඒ හැම දෙයකටම මූලික වෙලා තියෙන්නේ ජනාධිපති කිර්සාන් ගේ පාලනය. පහත තියෙන්නේ ඔව්න්ගේ රාජ්‍ය ලාංඡනය හා ධජය. උපුටා ගැනීම විකිපීඩියාවෙන්. The source of following images is wikipedia . කැල්මිකියාවේ අගනුවර එලිස්ටා(Elista). එලිස්ටා කැල්මිකියාවේ අගනුවර බවට පත් වන්නේ 1930 දශකයේ මුල් භාගයේදී. වාර්තා වල සඳහන් පරිදි එහි මූලාරම්භය සිදු වී තිබෙන්නේ 1865 දී. 1948දී කැල්මිකියානුවන් සයිබීරියාවට එලවා , රුසියානු ජාතිකයින් එලිස්ටා හි පදිංචි කර එහි නම ස්ටෙප්නොයි (Stepnoy) ලෙස වෙනස් කරවීමක් සිදු වී තිබෙනවා. එය නැවත එලිස්ටා යන නාමය ලබන්නේ පළවා හැරියන්ට නැවත පැමිණ එහි පදිංචි වීමට 1957 දී ඉඩ ලැබීමත් සමග. 1998දී ලෝක චෙස් ඔලිම්පියාඩ් තරඟාවලිය එහි පැවැත්වීමෙන් එලිස්ටා යම් ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. කැල්මිකියානුවන්ගේ ප්‍රධාන භාෂාව රුසියානු භාෂාව. දෙවන භාෂාව කැල්මික් භාෂාව. පුදුමයි නේද ? ස්ව්‍යංපාලනය තිබියදී දේශීය භාෂාවට වඩා රුසියානු භාෂාව ස්වදේශිකයන් විසින්ම භාවිතා කිරීම. එයින්ම අපට සිතා ගන්නට පුළුවන් කැල්මිකියානුවන් මොනතරම් දුරට රුසියානු බලපෑමට යටත් වුනාද කියලා. මොන ප්‍රශ්න ආවත් ඔවුන් බුද්ධාගම ඇදහීම ඇත හැරලා නෑ. මරණ බියෙන් සැඟවී හෝ ඔවුන් තමන්ගේ ආගම පවත්වා ගත්තා. ජනාධිපති කිර්සාන් කියන විදියට ඔහු කුඩා කාලයේදී , ඔහුගේ මිත්තණිය දොරවල් වසාගෙන රහසින් බුදුන් වැඳලා තියෙනවා. ඔහුට අනුව කවදා හෝ තමන්ගේ ජාතියට ආගමික නිදහස ලබා දෙන්න මැදිහත් වෙන්න බලාපොරොත්තු දීලා තියෙන්නෙත් ඒ මිත්තණියම තමා. පහත දැක්වෙන්නේ කැල්මිකියන බෞද්ධ විහාර වල ඡායාරූප.උපුටා ගැනීම විකිපීඩියාවෙන්. The source of following images is wikipedia . තවත් එක පුදුම දෙයක් තියෙනවා. කැල්මිකියාවේ ළමුන් සියලු දෙනාම වගේ චෙස් ක්‍රීඩා කරන්න දැන සිටීම. චෙස් ක්‍රීඩාව ඔවුන්ගේ පාසැල් අධ්‍යාපනයේ අනිවාර්ය විෂයක්.ඒ නිසාම ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම දැන් ඉහල මට්ටමක තියෙනවලු. (චෙස් ගැන දන්න අය ඒක පිළි ගනීවි කියල මට හිතෙනවා). මේ තරම් චෙස් ජනප්‍රිය වීමට හේතුව ජනාධිපති කිර්සාන් ජාතික චෙස් ශූරයෙකු වීම වගේම ඔහු ලෝක චෙස් ෆෙඩරේෂනයේ සභාපති වීම.බලන්න ජනාධිපති කිර්සාන් භාවිතා කරන චෙස් ඉත්තන්ගේ ප්‍රමාණය (මූලාශ්‍රය Source of following image http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/8032904/Alien-spotting-chess-president-re-elected.html). මේ නම් ඇත්තටම ඔහු චෙස් ෆෙඩරේෂනයේ සභාපති ධූරය ලැබීමෙන් පසු කල සංකේතාත්මක සම්ප්‍රදායික කටයුත්තක්. කොහොමටත් සභාපතිගේ ඉත්තෝ ලොකු වෙන්න ඕනිනේ. මේ ලිපියේදී මම කිහිප වතාවක්ම ජනාධිපති කිර්සාන් ගැන කතා කළා. මම තේරුම ගත්ත විදියට ඔහු ඒ රටට වැඩදායී නායකයෙක්.ඔහු ධන කුවේරයෙක්. ඔහු සතුව පෞද්ගලික ජෙට් යානාවක් , රෝල්ස් රොයිස් මෝටර් රථ 6 ක් හා ලිමෝසීන් රථ දෙකක්ද තියෙන බව කියවෙනවා. බෞද්ධයා නාලිකාවේ නම් ඔහුව හඳුන්වා දුන්නේ කැල්මිකියාවේ ජනාධිපති හැටියට. ඒත් විකිපීඩියා අනුව ඔහුගේ දාහත් අවුරුදු පාලනය පසු ගිය අවුරුද්දේ අවසන් වී තිබෙනවා.ඊට අනුව වත්මන් ජනාධිපති වන්නේ ඇල්කෂෙයි මරතොවිච් ඔර්ලෝෆ් Aleksey Maratovich Orlov. ඒත් වෙනත් තැනකනම් මම ඒ ගැන සඳහනක් දැක්කේ නෑ. ඔහුගේ පාලන සමය දීර්ඝ නිසා වගේම අතරින් පතර ඔහු ඒකාධිපතියෙකු සේ දක්වා තිබීම, ඔහු පරිපූර්ණ යහපත් පාලකයෙකු නොවන/නොවූ බවට සාක්ෂි වෙන්න පුළුවන්. ඒත් බොහෝ විට දකින්නට තිබෙන්නේ ඔහුගේ හොඳ ගැන පමණයි. ඔහු ගැන හරියටම දන්නේ කැල්මිකියානුවන්ම් තමයි. මෙන්න කැල්මිකියාවේ වීඩියෝ දර්ශන බොහෝ දෙනෙකු නොදන්නා නොසිතන ප්‍රදේශ වල තවත් බෞද්ධාගමිකයන් පැතිර සිටිනවා. බොහොමයක් මහායාන උදවිය. බුරියේශියාව Buriyatia (මේ බුරියන්ගේ රටද ? ), තුවා Tuva හා (ඩ්)ශබායිකල්ස්කි ක්‍රායි Zabaykalsky Krai කියන්නේ කැල්මිකියාව වගේ තවත් බෞද්ධ රුසියානු ජනපද.චීනයේ යූනාන් පළාතේ ථෙරවාද බුද්ධාගම පැතිර තිබෙනවා වගේම ඔවුන් ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් දක්වනවාලු තමන්ගේ ප්‍රදේශයට බෞද්ධාගම ලබා දීම නිසා. මේ දේවල් ගැන තව සොයා බලා ඉදිරියේදී ලිපි පළ කරන්නම්. ෴෴෴
වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ නැති වූවද, කැල්මිකියාවේ ජනාධිපති (හිටපු ජනාධිපති ද ? යන්න අපැහැදිලියි) ඉල්යුම්ෂිනොෆ් කිර්සාන් නිකොලායෙවිච් (Ilyumzhinov Kirsan Nikolayevich) පසු ගිය මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එහිදී ඔහු ශ්‍රී සම්බෝධි විහාරයේ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙනගේ යන බෞද්ධයා (The Buddihst) නාලිකාවේ මෙහයුම් ආයතනයට ගොස් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වී සිටින අතරතුර එම වැඩසටහන මට නැරඹීමට ලැබුණා. කැල්මිකියාව නම් බෞද්ධ රටක් යුරෝපයේ ඇති බව මා පළමු වරට දැන ගත්තේ එදා. එය කලින් පවතී රුසියානු සමූහාණ්ඩුවේ කොටසක්ව පවත පසුව ස්වයං පාලනය ලැබූ රටක්.
![]()
![]()

කැල්මිකියාව ගැන තව බොහෝ දේ ලියන්න පුළුවන් . ඒත් අදට මෙතනින් නවතිනවා. බලමු අනාගතයේ කැල්මිකියාව ගැන තවත් ලිපි දෙන්න.


